BREAKING NEWS

ඇමති විමල්ට හෝමාගමින් උණුසුම් පිළිගැනීමක්

කර්මාන්ත කැබිනට් අමාත්ය ධුරයෙන් පිදුම් ලද ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා පිළිගැනීම පිණිස ඊයේ (23) හෝමාගම ආසනය පුරා පිළිගැනීම් රැසක් සංවිධානය කොට තිබිණි.

මෙම පිළිගැනීම් සඳහා ජානිපෙ දේශපාලන මණ්ඩලය සභික ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්රියංගා කොතලාවල හෝමාගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්රබෝධ පීරිස්, හෝමාගම ප්රාදේශීය සභා මන්ත්රිනී කොතලාවල යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

සිද්දමුල්ල, කුඩාමාදුව, මත්තේගොඩ, දියගම නියඳගල, දීපංගොඩ, උඩුවන මාවතගම, දෙල්ගහවත්ත, මූණමලේ, සුවපුබුදුගම, කුරුඳුවත්ත, පිටිපන, මීගොඩ යන ස්ථානවල දී මෙම පිළිගැනීම් පැවැත්විණි.

 

 

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*