Previous Story
ඇමති විමල් වීරවංශයන් අමරපුර සංඝ සභාවේ මහා නායක අතිපූජ්ය අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනාහිමි බැහැදැකියි
Posted On 11 Dec 2021
Comment: 0
ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා අද(11) උදෑසන රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවනා මධ්යස්ථානයේ දී අමරපුර සංඝ සභාවේ මහා නායක, අතිපූජ්ය අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනාහිමි බැහැදුටුවේය.
මෙහිදී අභිනව අමරපුර මහා සංඝ සභාවේ මහා නායක ධුරයට පත් අතිපූජ්ය අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනාහිමියන්ට සුභාශිංශන පළ කළ අමාත්යවරයා උන්වහන්සේට චිරජීවනය ද ප්රාර්ථනය කර සිටියේ ය.
මෙම අවස්ථාවට කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ද එක්ව සිටියේය.
මාධ්ය ඒකකය,ජාතික නිදහස් පෙරමුණ2021-12-11



