BREAKING NEWS

“ඉස්ලාම් අන්තවාදය:පාස්කු කොමිසමෙන් ඔබ්බට” දේශන මාලාව ඇරඹෙයි!

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන එහි නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා සිදු කරන “ඉස්ලාම් අන්තවාදය:පාස්කු කොමිසමෙන් ඔබ්බට” දේශන මාලාවේ පළමුවැන්න අද(09) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට දක්ෂිණ ලංකාවේ ප්රධාන සංඝනායක පූජ්ය කිරම විමලජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කොට සිටි අතර ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, දේශහිතෛෂී ජාතික ව්යාපාරයේ මහ ලේකම් වෛද්ය වසන්ත බණ්ඩාර, ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගම යන මහත්වරු ඇතුළු විද්වත් වෘත්තිකයෝ රැසක් ද සහභාගී වූහ.

ජාතික නිදහස් පෙරමුණේ ප්රධාන ලේකම් සරත් විජේසිරි, ජාතික සංවිධායක, රාජ්ය අමාත්ය ජයන්ත සමරවීර, ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී මොහොමඩ් මුසම්මිල්, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්රී නිමල් පියතිස්ස, මධ්යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්රී උද්දික ප්රේමරත්න, මධ්යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්රී ගාමිණී වලේබොඩ යන මහත්වරු වේදිකාවේ අසුන්ගෙන සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2021-03-09
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*