BREAKING NEWS

ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාවිද්‍යා ස්ථානයක් වන මුලතිව්හි කුරුඳුමලෙයි විහාරස්ථානයෙහි ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම : මහජන ආරක්ෂක ඇමතිට හිටපු ඇමති විමල් වීරවංශගෙන් ලිපියක්

“ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාවිද්යා ස්ථානයක් වන මුලතිව්හි කුරුඳුමලෙයි
විහාරස්ථානයෙහි ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම : මහජන ආරක්ෂක ඇමතිට හිටපු ඇමති විමල් වීරවංශගෙන් ලිපියක් “👇👇👇👇
——————————————————
ගරු මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා,
මහජන ආරක්ෂක අමාත්යාංශය,
14 වන මහල,
සුහුරුපාය,
බත්තරමුල්ල.
ගරු අමාත්යතුමනි,
ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාවිද්යා ස්ථානයක් වන මුලතිව්හි කුරුඳුමලෙයි විහාරස්ථානයෙහි ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම
මෙරට ඓතිහාසික වටිනාකමින් යුත් පුරාවිද්යා ස්ථානයක් වන මුලතිව්හි කුරුඳුමලෙයි පුරාණ විහාරස්ථානයට බලහත්කාරයෙන් කඩා වැදී විහාරවාසී භික්ෂුන් වහන්සේලාට සහ දායක පිරිස්වලට පහර දෙමින් ප්රචණ්ඩකාරිව හැසිරුණු මැර පිරිසක් පිළිබඳ පුවත කෙරෙහි ඔබතුමන්ගේ අවධානය දැනටත් යොමුව ඇතැයි සිතන්නෙමි. පළමුව ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටිමි.
එසේම පටු දේශපාලන වාසි තකා ප්රදේශවාසීන් නොමඟ යවමින්, ඔවුන් විරෝධතාවන්හි යොදවමින්, මෙම පුරාවිද්යා ස්ථානයෙහි සිදු කෙරෙන කැණීම් කටයුතුවලට සහ පුරාණ විහාරයට අයත් චෛත්යයෙහි ප්රතිසංස්කරණ කටයුතුවලට දිගින් දිගටම සිදුකෙරෙන බාධා කිරීම් මෙම සිදුවීමත් සමඟ ප්රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන ඇති අතර එමගින් මෙම ඓතිහාසික මුලතිව්හි කුරුඳුමලෙයි පුරාණ විහාරස්ථානයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් මතුව තිබෙන බව පෙනී යයි.
එහෙයින් මෙම පුරාවිද්යා ස්ථානයෙහි අඛණ්ඩ ආරක්ෂාව පිණිස අවශ්ය පියවර ගන්නා ලෙසත් එසේම මෙම ඓතිහාසික උරුමය ඔප් නංවමින් අනාගත පරපුරට දායක කිරීම පිණිස වෙහෙසෙන එහි පුරාවිද්යා කැණීම් කටයුතුවල සහ විහාරස්ථානයේ ප්රතිසංස්කරණ කටයුතුවල නිරත සිටින නිලධාරීන්ට එම රාජකාරි බාධාවකින් තොරව සිදු කර ගෙන යාමට අවශ්ය වාතාවරණය සකසා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තුතියි,
මෙයට විශ්වාසී,
විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2022-09-22
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*