BREAKING NEWS

කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඇමති විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

කඩුවෙල ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, කමිටු සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් අද(24) රැස්විය. මෙම රැස්වීම මාලඹේ පිහිටි කඩුවෙල ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී කඩුවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්රගතිය හා පවතින ගැටලු කෙරෙහි අවධානය යොමු වූ අතර කොවිඩ් 19 සහ ඩෙංගු වසංගත රෝගයන් හේතුවෙන් මතුව ඇති ගැටලු සහ වර්තමාන තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. එසේම කඩුවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය මුහුණ පා ඇති ගංවතුර ආපදා තත්ත්වය හා ගෙන ඇති පිළියම් පිළිබඳව ද සාකච්ඡා වූ අතර ප්රගතිය හා ඉදිරි සැලසුම් ද අදාළ නිලධාරීහු ඉදිරිපත් කළහ.
තවද මෙහිදී කඩුවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව පුහුණුව ලැබූ අභ්යාසලාභී උපාධිධාරීන් පිරිසට ස්ථිර පත්වීම් ප්රදානය ද විමල් වීරවංශ මහතාගේ අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, කඩුවෙල ප්රාදේශීය ලේකම් චතුර මිහිඳුම් යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

මාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,
2022-01-24
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*