BREAKING NEWS

“කඩුවෙල සහ බත්තරමුල්ල අධ්‍යාපන කොට්ඨාසයන්හි පාසල් පවත්වාගෙන යාමට අදාළ සමාලෝචන වාර්තාව කඩිනමින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නවා” – කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

කඩුවෙල ප්රාදේශීය ලේකම් බල ප්රදේශය තුළ පිහිටා ඇති කඩුවෙල සහ බත්තරමුල්ල අධ්යාපන කොට්ඨාස 02හි පාසල් පවත්වාගෙන යෑමට අදාළ සමාලෝචන වාර්තාව කඩිනමින් අධ්යාපන අමාත්යාංශය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව කඩුවෙල ප්රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්ය, ජානිපෙ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

අදාළ අධ්යාපන කොට්ඨාසයන්හි අධ්යක්ෂවරු සහ විදුහල්පතිවරු, සෞඛ්ය අංශ ප්රධානීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාලය කැඳවා තිබූ රැස්වීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

සෙසු දිස්ත්රික්කවලට සාපේක්ෂව කොළඹ දිස්ත්රික්කයේ පාසල්වලට ඇති කොරෝනා වසංගත අවදානම යම්තාක් දුරට වැඩි බවත් එනිසා තවමත් කොළඹ දිස්ත්රික්කයේ පාසල් විවෘත කිරීමට නියමිත දිනයක් නොමැති බවත් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් අද දිනයේ ලැබුණු තොරතුරු ඇසුරෙන් කඩිනමින් සමාලෝචන වාර්තාවක් අධ්යාපන අමාත්යාංශයට යොමුකරන බවත් මෙසේ ලැබෙන සියලු අධ්යාපන කොට්ඨාසයන්හි තොරතුරු සමාලෝචනය කර අධ්යාපන අමාත්යාංශය නුදුරේදීම සියලු ශ්රේණි සඳහා කොළඹ දිස්ත්රික්කයේ පාසල් විවෘත කරන දිනය තීරණය කරනු ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම රැස්වීමට අධ්යාපන රාජ්ය අමාත්ය සුසිල් ප්රේමජයන්ත, කොළඹ දිස්ත්රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී ප්රදීප් උදුගොඩ යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,
2021.02.01

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*