BREAKING NEWS

කර්මාන්තකරුවන්ගේ සහන පැකේජය කඩිනම් කිරීමට ඇමති විමල්ගෙන් පියවර රැසක්

කෝවිඩ් – 19 ව්‍යාප්තියත් සමග දේශීය කර්මාන්ත ශක්තිමත්ව පවත්වාගෙන යාම පිණිස රජය මගින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා කාරක ප්‍රාග්ධනය ලෙස 4% ක පොලියට ලබා දෙන ණය මුදල සේවක වැටුප් හා ජල – විදුලි බිල්පත් ගෙවීමට පමණක් නොව කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ද වියදම් කළ හැකි ලෙසට ලබා දෙන ලෙසත් එම ණය මුදල කර්මාන්තකරුවන්ට ඉතා කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙසත් තමන් මහ බැංකුව හා රාජ්‍ය – පෞද්ගලික වාණිජ බැංකු නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී කළ ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාර ලැබුණු බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද (11) 73/1, ගාලුපාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී තමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කර්මාන්ත ශාලා රැක ගැනීමේ සංසදය සහ මහ බැංකුව ඇතුළු මෙරට රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකු නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

මෙහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ කර්මාන්ත ශාලා රැකගැනීමේ සංසදයේ විධායක සභික කපිල එස්. වික්‍රමසිංහ මහතා පැවසුවේ කර්මාන්තකරුවන් මේ අවස්ථාවේ දී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මීට ඉහත දී කර්මාන්ත අමාත්‍යවරයා දැනුම්වත් කළ බවත් ඒ අනුව තමන් ද කැඳවා කඩිනමින් මෙවැනි ඵලදායී සාකච්ඡාවක් මහ බැංකුව ඇතුළු මෙරට වාණිජ බැංකුවල සහභාගීත්වයෙන් පැවැත්වීම අගය කරන බවත් ය.

ඉහත සාකච්ඡාවට අනුව සේවක වැටුප්, සහ ජල – විදුලි බිල්පත් ගෙවීමට අමතරව 4% පොලිය සහිත කාරක ප්‍රාග්ධන ණය මුදල අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ද යොදවා ගැනීමට අවස්ථාව හිමිවීම ඉතා වැදගත් බවත් එය තම කර්මාන්ත බිඳ නොවැටී පවත්වා ගැනීමට ඉමහත් රුකුලක් බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය. එසේම ඉහත ණය මුදල දින 45ක සීමාව නොතකා කඩිනමින් ලබාදීමට බැංකු එකඟවීම මේ මොහොතේ තම සංසදයේ සාමාජිකත්වය දරන කර්මාන්තකරුවන් 900ට අධික පිරිස ඇතුළු මෙරට සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයට ඉතා ඵලදායක බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ජේ. ඒ. රංජිත්, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි, මහ බැංකුව ඇතුළු රාජ්‍ය හා වාණිජ බැංකු නියෝජිතයෝ ද කර්මාන්තශාලා රැකගැනීම සංසදයේ විධායක සභාව නියෝජනය කරමින් සම්පත් මහකඩුව, විමල් දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය
2020. 05. 11

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. ගරු විමල් වීරවංශ අමාත්‍යතුමනී”
    මාගෙ වියාපාරය නැවත යථා තත්වයට ගෙන ඒමට මා හට ඔබ තුමාගෙන් සහය අවශ්‍ය වේ.සහා මා මෙ පිළිබඳව කළයුක්තෙ කුමක්ද
    ස්තූතියි.

    • admin Reply

      සදුදා දිනවල කර්මාන්ත කරුවන්ට ඇමතිතුමාව හමුවීමට හැකිය

Leave a Reply

*