BREAKING NEWS

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන් ‘සිලෝන් බෙවරේජ් කෑන්’ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක …

පාන වර්ග (Beverages) සඳහා ලොව ඉහළතම ප්රමිතියෙන් යුත් කෑන්(Can) නිපදවනු ලබන, දකුණු ආසියාවේ පිහිටි සුවිශාලම කර්මාන්ත ශාලා 04න් එකක් වන කළුතර, පෝරුවදණ්ඩ, බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයෙහි පිහිටි සිලෝන් බෙවරේජ් කෑන්(පුද්) සමාගම සතු කර්මාන්ත ශාලාව අද (16) දින කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම කර්මාන්ත ශාලාව මගින් අපනයනය සදහා ‘පාන වර්ග කෑන්’ මසකට කන්ටේනර 200ක පමණ ප්රමාණයක් නිෂ්පාදනය කෙරෙන අතර වසරකට එමගින් උපයාදෙන විදේශ විනිමය ප්රමාණය ඩොලර් මිලියන 60කි. ලොව ප්රමුඛතම සන්නාම සහිත පාන වර්ග සඳහා මෙන්ම දේශීය වශයෙන් නිපදවනු ලබන පාන වර්ග සඳහා ද අවශ්ය කෑන් මෙම කර්මාන්ත ශාලාව තුළ නිපදවනු ලබයි.

සිලෝන් බෙවරේජ් කෑන් (පුද්) සමාගමෙහි අධ්යක්ෂ ප්රභූ මුරලිදරන් මහතා මෙම නිරීක්ෂණ චාරිකාවට පැමිණි අමාත්යවරයා පිළිගෙන නිරීක්ෂණය සඳහා පහසුකම් සලසා දුන්නේය. මෙම මෙම අවස්ථාවට රාජ්ය අමාත්ය ජයන්ත සමරවිර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
2021.12.16
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*