BREAKING NEWS

කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යංශයේ නව වසර සදහා රාජකාරි කටයුතු ඇරඹීම

නව වසරේ වැඩ අරඹමින්

කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යංශයේ නව වසර සදහා රාජකාරි කටයුතු ඇරඹීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් විරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන සිදු කෙරිණි.

සර්ව ආගමික වතාවත් සහ ජාතික ධජය එසවීම, ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියැවීම අමාත්‍යාංශයේ සියලු සේවක පිරිස විසින් සිදු කළහ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් විරවංශ, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍යංශයේ ලේකම් ආර්.ඒ රංජිත් යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.

”හැදෙන රටක් – වැඩෙන ගසක්’ ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ අමාත්‍යාංශ පරිශ්‍රයේ පළතුරු පැළයක් රෝපණය කිරීමද ගරු අමාත්‍ය විමල් විරවංශ මැතිතුමා අතින් සිදුවිය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*