BREAKING NEWS

‘ලන්ච් ෂීට්’ එකට ආදේශකයක් රැගෙන තරුණ ව්‍යවසායිකාවක් ඇමති විමල් හමුවෙයි!

‘ලන්ච් ෂීට්’ එකට ආදේශකයක් රැගෙන තරුණ ව්‍යවසායිකාවක් ඇමති විමල් හමුවෙයි!

පරිසර හිතකාමී, නැවත නැවතත් භාවිතා කළ හැකි පහසු ආහාර අසුරනයක්(Easy Food Packet) නිපදවා ඇති තරුෂි විදුෂිකා රාජපක්ෂ තරුණ ව්‍යවසායිකාව අද (08) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවී තම නව නිෂ්පාදනය ප්‍රවර්ධනය පිණිස සහාය ඉල්ලා සිටියාය. රත්නපුර, ගෝනකුඹුර පදිංචි ඇය මේ වනවිටත් සරසවි ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින්නියකි.

‘ලන්ච් ෂීට්’ එකට ආදේශකයක් සේම ආහාර රැගෙන යන ප්ලාස්ටික් බදුනට ද ආදේශකයක් ලෙස ඇයගේ මෙම පහසු ආහාර අසුරනය යොදාගත හැකිය.

තරුෂි විදුෂිකාගේ නව නිපැයුම් ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පවත්වනු ලබන ‘සහසක් නිමැයුම් 2018′ තරගාවලියේදී රන් පදක්කමත් සහ 2019 කොරියානු තරුණ ඔලිම්පියාඩ් තරගාවලියේදී රිදී පදක්කමක් ද දිනාගෙන ඇත. ”ආහාර රැගෙන යන බදුනට සහ ලන්ච් ෂීට් එකට ආදේශකයක්’ වන අයගේ පරිසර හිතකාමි නව නිෂ්පාදනය දින 90 ක කාලයක් සදහා භාවිතා කළ හැකි අතර මිල රුපියල් 200.00 කි

පාසල් දරුවන්, කාර්යාල සේවකයන් ඇතුළු පිරිස් වෙත මෙම නිෂ්පාදනය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව මෙහිදී ඇයට සුබ පතමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*