BREAKING NEWS

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැංවීමට ඒකාබද්ධ සාකච්ඡාවක්…!

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මුහුණ දී ඇති ගැටලු සමීපව හඳුනා ගනිමින් ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීම පිණිස විශේෂ සාකච්ඡාවක් අද (28) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ජේ.ඒ. රංජිත්, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු සහ රේගු ආයතනය, දුම්රිය දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. Uditha Reply

    I’m entrepreneur of dairy products enterprise. Our business faced several problems in now. I want to meet Mr.Wimal Weerawansha for discuss about our problems. Please reserve appointment for me.

    Thanks.

    • admin Reply

      0778885332–07143223002 call kara welawak gannna

Leave a Reply

*