BREAKING NEWS

කොළඹ දිස්ත්‍රික්කය තුළ නව කර්මාන්තපුර ඇරඹීම සඳහා ප්‍රමාණවත් භූමිභාග නොමැතිවීමේ ගැටලුවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශයන්ගෙන් විසදුමක් !

බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජකයන් 150කට අධික පිරිස අතුරෙන් යම් පිරිසකට කොළඹ දිස්ත්රික්කයේ කර්මාන්ත ඇරඹීම සඳහා අවස්ථාව සලසා දීමට බාධාවක්ව පැවති කර්මාන්තපුර ඇරඹීම සඳහා ප්රමාණවත් රජයේ භූමිභාග නොමැති වීම ගැටළුවක් කර නොගෙන අවම අක්කර 5 ක හෝ රජයේ භූමිභාග ලබාදිය හැකිනම් කොළඹ දිස්ත්රික්කයේ සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහාම එම නව කර්මාන්තකරුවන් ආයෝජනය සඳහා යොමු කළ හැකි බව පැවසූ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා ඒ සඳහා අවධානය යොමු කරන ලෙස කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය.

අද (19) නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුවේ මුලසුන දරමින් අමාත්යවරයා මෙසේ පැවසීය.

ග්රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ මෙම දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුව පිහිටුවා ඇති අතර කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ, ධීවර අමාත්ය ඩග්ලස් දේවානන්ද, වැවිලි කර්මාන්ත අමාත්ය රමේෂ් පතිරණ යන කැබිනට් අමාත්යවරුන්ගේ මූලිකත්වයෙන් එය ක්රියාත්මක වේ. එම කැබිනට් අමාත්යාංශවලට අදාළ රාජ්ය අමාත්යවරුන්ගෙන් ද සමන්විත එම කමිටුව දිස්ත්රික් මට්ටමින් ඉහළ රාජ්ය නිලධාරීන් සමග කැඳවීම සිදු කරන්නේ දිස්ත්රික් ලේකම්වරුන් විසිනි.

මෙම කොළඹ දිස්ත්රික් රැස්වීමේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ තමා අමාත්යාංශය යටතේ පවතින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් කර්මාන්තකරුවන්ට ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සියලු තාක්ෂණික උපදේශන සැපයිය හැකි බවත් ක්ෂුද්ර, කුඩා මධ්ය භා මහා පරිමාණ ව්යවසායකයන්ට මඟ පෙන්වන අතර විශේෂයෙන් ක්ෂුද්ර හා කුඩා පරිමාණ කාන්තා ව්යවසායිකාවන්ට ද්රව්යමය හා මූල්යමය ආධාර සැපයීමට ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය ට හැකි බවත් ය. එසේම ‘මේඩ් ඉන් ශ්රී ලංකා’ වැඩසටහන යටතේ අන්තර්ජාල වෙළඳ ද්වාරයක් සැකසීමේ කටයුතු දැනටමත් අරඹා ඇති බවත් එමගින් මෙරට කුඩා, මධ්ය හා මහා පරිමාණ නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදන සඳහා දෙස් විදෙස් වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ඒ සඳහා තම දිස්ත්රික්කය තුළ සිටින සියලු දේශීය නිෂ්පාදකයන්ගේ තොරතුරු ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හරහා එම අන්තර්ජාල වෙළඳ ද්වාරයට ඇතුළත් කරවන ලෙසත් ප්රාදේශීය ලේකම්වරුන් වෙතින් විමල් වීරවංශ අමාත්යවරයා ඉල්ලා සිටියේය.

මෙම රැස්වීමට රාජ්ය අමාත්යවරු වන ප්රසන්න රණවීර, අරුන්දික ප්රනාන්දු යන මහත්වරු, අදාළ අමාත්යාංශ ලේකම්වරු සහ රාජ්ය අමාත්යාංශවල ලේකම්වරු ද කොළඹ දිස්ත්රික් ලේකම් ප්රදීප් යසරත්න මහතා ඇතුළු කොළඹ දිස්ත්රික් ප්රාදේශීය ලේකම්වරු හා ඉහළ රාජ්ය නිලධාරීහු එක්ව සිටියහ.

 

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය,
2021.02.19
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*