BREAKING NEWS

කොළඹ දිසාවේ නාහිමිවරු බැහැදකිමින්…

මහා සංඝරත්නය අභිමුව “එකුන්විසි ප්‍රතිඥාවක් හෙවත් හෘද සාක්ෂියේ සමාජ ගිවිසුමක්” සමාජගත කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙවර සිය මැතිවරණ ව්‍යාපාරය බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයෙන් ආරම්භ කළේය.

ඉන් අනතුරුව කොළඹ දිසාවේ විහාරාධිපති හිමිවරු ඇතුළු නාහිමිවරු බැහැදැක ආශිර්වාදය ලබා ගැනීමට ද ඒ මහතා කටයුතු යොදා තිබිණි.

ඒ අනුව විමල් වීරවංශ අද (21) දිනයේ දී නිලම්මහර පුරාණ රජ මහා විහාරාධිපති වැලිමඩ චන්දරතන නාහිමි, කටුවාවල පරමධම්ම විසුද්ධාරාම විහාරවාසී, කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, සුනේත්‍රාදේවි පිරිවෙනේ උප පරිවේනාධිපති ගොම්බද්දල දමිත හිමි, බෝකුන්දර ධම්ම සමාධි විහාරාධිකාරී කොරතොට ධම්මසිද්ධි හිමි බැහැදැක ආශිර්වාදය ලබාගත් අයුරු මෙසේ කාචයේ සටහන් විය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*