BREAKING NEWS

‘ ගමට ගෙයක් – රටට හෙටක්’ වැඩසටහන යටතේ කඩුවෙල අඩු ආදායම්ලාභීන්ට තවත් නිවාස 02ක් !

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්රියාත්මක ‘ගමට ගෙයක් – රටට හෙටක්’ වැඩසටහන මගින් නිවාස අහිමි, කඩුවෙල ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් 02කට නව නිවාස 02ක් පිරිනැමීම අද(07) ජානිපෙ නායක, කඩුවෙල ප්රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ සුරතින් සිදු කෙරිණි.

ඒ අනුව කඩුවෙල වෑකේවත්ත ග්රාම නිලධාරී වසමේ පදිංචි පවුලකට සහ අතුරුගිරිය දකුණ ග්රාම නිලධාරී වසමේ පවුලකට නව නිවාස ලැබී තිබිණි. මෙම අවස්ථාවට කඩුවෙල පුරපති බුද්ධික ජයවිලාල් මහතා ද එක්ව සිටියේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*