BREAKING NEWS

ගම හදන යෝජනා සමගින් කඩුවෙල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වෙයි!

සෑම ග්රාම සේවා වසමකින්ම ලබාගෙන ඇති ග්රාමීය සංවර්ධන යෝජනා ප්රමුඛතාගත කර එක් එක් ව්යාපෘතියට අදාළ නිලධාරින් හා ආයතන හඳුනාගැනීම පිණිස කඩුවෙල ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුව එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක,කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් අද (22) මාලඹේ පිහිටි කඩුවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී රැස් විය.

එහිදී හඳුනාගත් එක් එක් සංවර්ධන යෝජනා කඩිනමින් අදාළ අමාත්යාංශ වෙත යොමු කරන ලෙසත් යෝජනාවල පිටපත් ජනාධිපති කාර්ය සාධක බලකායට සහ කොළඹ දිස්ත්රික් සංවර්ධන කමිටුව වෙත යොමු කරන ලෙසත් අමාත්යවරයා උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්රියාත්මක වන ගමේ ජනතාවගේ ගැටළු ඔවුන් තුළින් ලබාගෙන එකී ග්රාමීය සංවර්ධන යෝජනා කඩිනමින් ක්රියාත්මක කිරීම මගින් මෙතෙක් විසදී නොමැති කඩුවෙල ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ ජනතා ගැටළු රැසක් 2021 වසරේ විසඳිය හැකි බවට මෙහිදී වීරවංශ මහතා විශ්වාසය පළ කළේය

එම ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්රීවරු වන මේජර් ප්රදීප් උදුගොඩ, ජගත් කුමාර, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් යන මහත්වරු ද කඩුවෙල ප්රාදේශීය ලේකම් යෂිකා ආනන්දනී මහත්මිය ඇතුළු නිලධාරීහු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*