BREAKING NEWS

තීන්ත සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක කර්මාන්ත ක්ෂේත්ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ තීන්ත ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්රය ආශ්රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට තීන්ත ආශ්රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (11) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදී පැවැත්විණි.

තීන්ත ආශ්රිත නිෂ්පාදකයන් මුහුණ පා ඇති බදු සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීම සහ අමුද්රව්ය ආනයනයේදී මතුව ඇති අපහසුතා පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරෙණි. ඒවා විසදා ගැනීමට අවශ්ය සහය ලබාදීම මෙම මෙම උපදේශක කමිටුව පිහිටුවා ගන්නා බව එහිදී අමාත්යවරයා ප්රකාශ කළේය. පසුගිය රජයන් යටතේත් මෙවැනි කර්මාන්ත ක්ෂේත්ර සදහා උපදේශක කමිටු පිහිටුවා ගැනීම අත්යවශ්ය වුවද ඔවුන් එය සිදු නොකළ අතර වත්මන් කර්මාන්ත අමාත්යවරයා විසින් නැවත එම කමිටු පිහිටුවා නිශ්චිත කාලයකට වරක් රැස්ව ගැටළු වලට විසදුම් ලබාදීමට අවශ්ය පියවර ගැනීම පිලිබදව කර්මාන්තකරුවෝ ඇමතිවරයාට සිය ස්තුතිය පුද කළේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, තීන්ත ආශ්රිත නිෂ්පාදන සමාගම් නියෝජනය කරමින් නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

#WimalWeerawansha #MinistryofIndustries

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*