BREAKING NEWS

’දකුණු ආසියාවේ ප්‍රථම හියුමොනොයිඞ් රොබෝවරයා : දියසෙන්’ ඇමති විමල් හමුවට…

දකුණු ආසියාවේ ප්රථම හියුමොනොයිඞ් රොබෝවරයා වන ‘දියසෙන්’ හි නිර්මාතෘ ඇරිමැක් පෞද්ගලික සමාගමේ (Arimac Pvt Ltd) ප්රධාන විධායක නිලධාරී චමීර ප්රසාද් ජයසිංහ මහතා ඇතුළු ඔහුගේ එම විස්මිත නව නිපැයුමට දායක වූ තරුණ කණ්ඩායම අද (13) කර්මාන්ත අමාත්යාංශයේ පැවැති ‘කර්මාන්තකරුවන්ගේ දිනයේ දී’ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා හමුවිය.

මේ පිරිස අමාත්යවරයා හමු වූයේ සිය ‘දියසෙන් රොබෝවරයා’ ද සමගිනි. එහි ක්රියාකාරීත්වය විමසා බැලූ අමාත්යවරයා එම රොබෝ යන්ත්රයට දෙස් විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කර දීමට ගත හැකි සියලු පියවර ගන්නා බව පැවසීය. එසේම එම නව නිර්මාණකරුට ඒ මොහොතේදීම ආයෝජකයකු සම්බන්ධ කර දීමට පියවර ගත් අමාත්යවරයා රාජ්ය බැංකුවක් සම්බන්ධ කර දෙමින් ඔවුනට තම රොබෝ යන්ත්රය වෙළඳපොළට හඳුන්වා දීමට මූල්ය පහසුකම් සපයා ගැනීමට පහසුකම් සලසා දෙනු ලැබීය.

‘අධියාන්ත්රික දුරස්ථ පාලකයක්’

දුරකථනයෙන් විදුලි උපාංග කිහිපයක් එකවිට ක්ෂණිකව පාලනය කළ හැකි අධි යාන්ත්රික දුරස්ථ පාලකයක් (Duplexx Device) නිපද වූ පාදුක්ක පදිංචි නිලන්ත ගුණසිංහ මහතා ද සිය නව නිර්මාණය කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාට හඳුන්වා දීම ද අද කර්මාන්තකරුවන්ගේ දිනයේ දී සිදුවිය.

සිය අධියාන්ත්රික දුරස්ථ පාලකය මගින් ඕනෑම ක්ෂේත්රයක යන්ත්රයක්, ඕනෑම දුරකථනයක් ආධාරයෙන් පමණක් දුරස්ථව පාලනය කළ හැකි බව මෙහි දී අදහස් දැක්වූ නිලන්ත ගුණසිංහ මහතා සඳහන් කළේය. දුම්රිය ආරක්ෂක දොරටු පාලනයට ධීවර කර්මාන්ත පොකුණුවල ජල සැපයුම් ක්රියාවලිය පාලනය සංචාරක හෝටල් කර්මාන්තය සඳහා කෘෂිකාර්මික වගා බිම් සඳහා වන ජල සැපයුම් පාලනයට, වන අලි උවදුරු ඇති ප්රදේශවල විදුලි රැහැන් පාලනයට මෙන්ම නිවෙස් ආරක්ෂණ පිළියමක් ලෙස ද තම අධියාන්ත්රක දුරස්ථ පාලකය යොදා ගත හැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඉහත නව නිපැයුම සඳහා වෙළඳපොළ නිර්මාණය කර දීමට අවශ්ය මැදිහත් වීම සිදු කරන ලෙස මෙම අවස්ථාවට එක්ව සිටි නිලධාරීන්ට අමාත්යවරයා උපදෙස් ලබා දුන්නේය. ප්ලාස්ටික් යෝගට් හැන්දට ආදේශකයක් ලෙස දැව යෝගට් හැන්දක් වෙළඳපොළට හඳුන්වා දීමට අවශ්ය සහයෝගය ඉල්ලා සිටි එහි නිපැයුම්කාරිනී නිලූකා මුතුතන්ත්රී මහත්මියට ද අදාළ නිලධාරීන්ට යොමු කර අවශ්ය සහයෝගය ලබා දීමට ඇමතිවරයා පියවර ගනු ලැබීය.

එසේ නව නිපැයුම්කරුවන් මෙන්ම කර්මාන්තකරුවන් විශාල පිරිසක් ද අද කර්මාන්ත අමාත්යවරයා හමුවූයේ සිය ගැටලු, දුෂ්කරතාවලට පිළියම් බලාපොරොත්තු වෙනි. ඔවුනට ද සවන් දෙමින් අදාළ අවශ්යතා සපුරා දීමට අමාත්යවරයා මැදිහත් විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්ය ලේකම්
කර්මාන්ත අමාත්යාංශය
2020.09.14
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*