BREAKING NEWS

දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති සුරතින් විවෘත කෙරේ…

දකුණු ආසියාවේ විශාලතම ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන “ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගම” (Ferentino Tire Corporation- PVT Ltd) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (14) පස්වරුවේ විවෘත කෙරිණ. මෙම අවස්ථාවට කර්මාන්ත පිළිබඳ කැබිනට් අමාත්ය විමල් වීරවංශ මහතා විශේෂ ආරාධිතයකු ලෙස එක්ව සිටියේය.

හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්රය ස්ථාපනය කර තිබේ. පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි. යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්රෝපකරණ භාවිතයෙන් නිෂ්පාදන සිදු කෙරේ.

SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක්, මෝටර් රථ, යතුරු පැදි, ත්රී රෝද ඇතුළු ලෝක වෙළඳපොළට අවශ්ය ටයර් වර්ග රැසක් මෙහි නිපදවනු ලැබේ. නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කෙරෙන අතර ඉතිරි 20% දේශීය වෙළෙඳපොළට සැපයේ. සමාගමේ ප්රථම නිෂ්පාදන තොගය මේ මස ඇමෙරිකාවට අපනයනය කිරීමට නියමිත ය.

මෙරට අපනයන වෙළෙඳපොළ ප්රවර්ධනය, සෘජු හා වක්ර රැකියා විශාල ප්රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්තශාලාවෙන් හිමිවන ප්රතිලාභ අතර වෙයි.

නිෂ්පාදන ක්ෂේත්රයේ පැවති සම්මත සීමාවන් අභිබවා යමින් තාක්ෂණික අංශවල තනතුරු සඳහා නිසි සුදුසුකම් සපිරෑ කාන්තාවන් බඳවා ගැනීමට ද ආයතන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ. කර්මාන්තශාලාව පරිසර හිතකාමී ලෙස ඉදිකිරීම ද විශේෂත්වයකි.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිස ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන් (පුද්) සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා විසින් පිළිගනු ලැබීය.

සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා මැති ඇමතිවරුන් සමග ටයර් නිෂ්පාදනායතනයේ සමස්ත ක්රියාවලිය නිරීක්ෂණය කළේය.

ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්රී කල්යානි සාමාග්රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්ය ඉත්තෑපානේ ශ්රී ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය, කැබිනට් අමාත්යවරු වන රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ, රාජ්ය අමාත්යවරු වන පියල් නිශාන්ත, කනක හේරත්, ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න යන මහත්වරු සහ රාජ්ය සහ පෞද්ගලික ආයතන නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,කර්මාන්ත අමාත්යාංශය,2021-01-14

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*