BREAKING NEWS

දැව ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ ගැටළු විසදීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක කර්මාන්ත ක්ෂේත්ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ දැව ආශ්රිත නිෂ්පාදන කර්මාන්තයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්රය ආශ්රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට දැව ආශ්රිත භාණ්ඩ නිෂ්පාදකයින්, දැව ආශ්රිත නිෂ්පාදන අළෙවිකරුවන්, වන සංරක්ෂක දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (21) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදී පැවැත්විණි.

දැව ආශ්රිත නිෂ්පාදකයන් මුහුණ පා ඇති ප්රවාහණ ගැටළු, බදු සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීම සහ ලී මිලදී ගැනීමේදී මතුව ඇති අපහසුතා පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරෙණි. ඒවා විසදා ගැනීමට අවශ්ය සහය ලබාදීම මෙම මෙම උපදේශක කමිටුව පිහිටුවා ගන්නා බව එහිදී අමාත්යවරයා ප්රකාශ කළේය. පසුගිය රජයන් යටතේත් මෙවැනි කර්මාන්ත ක්ෂේත්ර සදහා උපදේශක කමිටු පිහිටුවා ගැනීම අත්යවශ්ය වුවද ඔවුන් එය සිදු නොකළ අතර වත්මන් කර්මාන්ත අමාත්යවරයා විසින් නැවත එම කමිටු පිහිටුවා නිශ්චිත කාලයකට වරක් රැස්ව ගැටළු වලට විසදුම් ලබාදීමට අවශ්ය පියවර ගැනීම පිලිබදව කර්මාන්තකරුවෝ ඇමතිවරයාට සිය ස්තුතිය පුද කළේය.

වත්මන් රජය දේශීය ව්යවසායකයා දිරිගැන්වීම වෙනුවෙන් ආනයන සීමා කොට ඇති බවත්, දේශීය නිෂ්පාදකයාට සිය භාණ්ඩ සදහා හොද වෙළදපොලක් ඒ අනුව නිර්මාණය වී ඇති බවත් මෙහිදී ඇමතිවරයා විසින් පේනවා දුන් අතර ලැබුණු අවස්තාව ප්රයෝජනයට ගනිමින් ගැටළු විසදාගෙන ප්රමිතියෙන් යුතු දේශීය නිෂ්පාදනයන් වැඩියෙන් නිෂ්පාදනය කරන ලෙස සහ ඒ සදහා අවශ්ය උපරිම සහය ලබාදීමට අමාත්යංශය සුදානම් බවත් කර්මාන්තකරුවන් ඒ වෙනුවෙන් ඉදිරියේදී වැඩි අවධානය යොමු කරන ලෙසත් අමාත්යවරයා ප්රකාශ කළේය. එමෙන්ම ලී ආශ්රිත කර්මාන්ත සදහා අවශ්ය අමතර උපාංග ආනයනය වෙනුවට මෙරටදීම නිෂ්පාදනය කිරීමේ ඇති හැකියාව පිලිබදව සොයා බලන ලෙසත්, මොරටුව වඩු පුරවරයේ වඩු කාර්මිකයන්ගේ ගැටළු විසදීමට මැදිහත් වන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, අමාත්ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, රාජ්ය දැව සංස්ථාව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් ද එක්ව සිටිය හ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*