BREAKING NEWS

‘ දිවි මග ජය ගන්න ශක්තියක්!’ කොළඹ දිස්ත්‍රික් ස්වයං රැකියාලාභීන්ට ඇමති විමල්ගෙන් පාපැදි 100ක්…

ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ සුරතින් කොළඹ දිස්ත්රික් ස්වයං රැකියාලාභීන් 100කට රුපියල් ලක්ෂ 17කට අධික වටිනාකමින් යුත් පාපැදි 100ක් බෙදා දීමේ කටයුත්තක් අද (07) කඩුවෙල, නවගමුව ප්රදේශයේ දී සිදුකෙරිණි.

ස්වයං රැකියාලාභීන්ට සිය දිවි මග ජය ගැනීමට ශක්තියක් වෙමින් මෙම කටයුත්තට දායක වූ බව අමාත්ය විමල් වීරවංශ මහතා මෙහිදී පැවසීය. මෙම අවස්ථාවට කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු ජානිපෙ කොළඹ දිස්ත්රික් පළාත් පාලන මන්ත්රීවරු ද එක්ව සිටියහ.

මාධ්ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2021.02.07
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*