BREAKING NEWS

දේශීයව නිෂ්පාදනය කරනු ලබන මුහුණු ආවරණ (Face Mask) විදෙස් රටවලට අපනයනය කිරීමට සහාය ලබාදීමට කර්මාන්ත අමාත්‍යවරයා මැදිහත් වෙයි!

දේශීයව මුහුණු ආවරණ නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයින්ගෙන් සැදුම්ලත් සමස්ත ලංකා මුහුණු ආවරණ නිෂ්පාදකවරුන්ගේ සංගමය සිය ගැටළු සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා සමග විශේෂ සාකච්ජාවක් අද (14) කර්මාන්ත අමාත්යංශයේදී පැවැත්විණි.

දේශීයව මුහුණු ආවරණ නිෂ්පාදනය කරන කර්මාන්තරුවෝ නියෝජනය කරමින් පැමිණි සිටි නියෝජිතයෝ ඔවුන් මුහුණපා ඇති ගැටළු පිළිබදව අමාත්යවරයා සමග සාකච්ජා කරන ලදී. දැනට මුහුණු ආවරණ ආනයනය කිරීම නවතා ඇතත් වංචාකාරී ලෙස විවිධ ක්රම මගින් මෙරටට ගෙන්වනු ලබන මුහුණු ආවරණ තහනම් කර දෙන ලෙස දේශීය නිෂ්පාදකයින් විසින් අමාත්යවරයාගෙන් ඉල්ලා සිටි අතර අමාත්යවරයා ඒ මොහොතේම ශ්රී ලංකා රේගුව සහ ආනයන අපනයන පාලක අමතා ඒ වෙනුවෙන් හැකි ඉක්මනින් පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදුන්නේය.

දේශීයව මුහුණු ආවරණ නිෂ්පාදනයේදී අමුද්රව්ය සදහා පනවා ඇති බදු සංශෝධනය, මෙම ක්ෂේත්රයේ දේශීය නිෂ්පාදකයින් කර්මාන්ත අමාත්යංශය යටතේ ලියාපදිංචි කිරීම, මෙම දේශීය නිෂ්පාදකයින් Made in Sri Lanka සන්නාමය යටතේ ලියාපදිංචි කිරීම, GNP වැනි සහතිකයන් කර්මාන්ත අමාත්යාංශය යටතේ ලබාගැනීම, දේශීය නිෂ්පාදකයාගේ නිෂ්පාදනයන්ගේ මිල සහ තත්ව පාලනය කිරීමට පියවර ගැනීම වැනි කරුණු රැසක් පිළිබදව මෙහිදී දීර්ඝ වංශයෙන් සාකච්ජා කෙරුණු අතර ඒ වෙනුවෙන් ඉදිරියේදී පියවර ගැනීමට සුදානම් බව අමාත්යවරයා කියා සිටියේය.

දේශීය නිෂ්පාදකයින්ගේ තවත් වැදගත් ඉල්ලීමක් වූයේ ඔවුන්ගේ ගුණාත්මක නිෂ්පාදන විදෙස් වෙළදපොළ වෙත අපනයනයට අවශ්ය සහාය ලබාදෙන ලෙස ය. ඒ පිළිබදව විශේෂ අවධානය යොමුකළ අමාත්යවරයා යුරෝපය ඇතුළු විදෙස් රටවල් වෙත දේශීයව නිෂ්පාදිත මුහුණු ආවරණ අපනයනයට ඇති හැකියාව පිළිබද සොයා බලන ලදී. ඒ සදහා ධනාත්මක ප්රතිචාරයන් ලැබූ අතර අමාත්යවරයා නිෂ්පාදකයනට කියා සිටියේ ඉදිරියේදී ඒ සදහා සුදානම් වන ලෙස ය. ඒ සදහා අවශ්ය කටයුතු ඉදිරියේදී අමාත්යාංශය සමග එක්ව සිදුකරන ලෙස අමාත්යවරයා දේශීය නිෂ්පාදකයන්ට උපදෙස් ලබා දුන්නේය.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2021-07-14
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*