BREAKING NEWS

දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇගළුම් කර්මාන්තකරුවන්ට නව කර්මාන්ත ඇරඹීමට, ඉඩම් පහසුකම් ලබාදීමට පියවර…

දේශීය සුළු හා මධ්ය පරිමාණ ඇගළුම් කර්මාන්තකරුවන්ට නව කර්මාන්ත ඇරඹීම සදහා අවශ්ය ඉඩම් පහසුකම් ලබාගැනීමේ සහ ඔවුන්ගේ කර්මාන්ත ප්රවර්ධනයට කර්මාන්ත අමාත්යාංශයේ සහාය ලබාගැනීමේ අරමුණින් සුළු හා මධ්ය පරිමාණ ඇගළුම් නිෂ්පාදන සංගමය, කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමා සහ වෙළඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා සමග විශේෂ සාකච්ජාවකට අද (21) කර්මාන්ත අමාත්යාංශයේදී එක් විය.

මෙරට සමස්ත ඇගළුම් අපනයනයෙන් 35%කට වැඩි ප්රමාණයක පංගුවක් දරන දේශීය සුළු හා මධ්ය පරිමාණ ඇගළුම් කර්මාන්තකරුවන්ට ඔවුන්ගේ කර්මාන්ත තවත් පුළුල් කරගැනීම සදහා අවශ්ය නව කර්මාන්තශාලා ඉදිකිරිමට ඉඩම් ලබාගැනීම පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කරන ලදී. කර්මාන්ත අමාත්යාංශය විසින් දැනට නව කර්මාන්ත ආරම්භ කිරීම සඳහා හඳුනාගෙන ඇති දිවයින පුරා ඇති ඉඩම් පිළිබඳව මෙහිදී කර්මාන්ත අමාත්යවරයා කර්මාන්තකරුවන් දැනුවත් කළේය. දේශීය කර්මාන්ත ප්රවර්ධනය කිරීමට සුදුසුම වකවානුවක ඒ වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහාය ලබාදීමට තමන් සූදානම් බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා කියා සිටියේය.

කර්මාන්ත සඳහා බලපා ඇති ප්රධාන ගැටළුවක් වී ඇති සේවක ගැටළුව විසදීම සදහා කර්මාන්තකරුවන් විසින් යෝජනා කරන ලද සිරගත වූවන් නිසි ක්රමවේදයක් යටතේ කර්මාන්ත සඳහා යොදාගෙන ඔවුන්ට ලබාදෙන වැටුප ඔවුන්ගේ නිවසට ලැබෙන පරිදි ක්රමවේදයක් සැකසීම පිළිබදව මෙහිදී අමාත්යවරු දෙදෙනාගේ විශේෂ අවධානය යොමු වූ අතර ඉදිරියේදී ඒ පිළිබද ඇති හැකියාව සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යාංශයේ ලේකම්, විශ්රාමික ජනරාල් දයා රත්නායක, වෙළඳ අමාත්යාංශයේ ලේකම් භද්රානි ජයවර්ධන, කර්මාන්ත අමාත්යාංශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ, කර්මාන්ත සංවර්ධන අධ්යක්ෂ වින්දික පියරත්න සහ කර්මාන්තකරුවෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2021.12.21
About the Author

Leave a Reply

*