BREAKING NEWS

දේශීය හදුන්කූරු නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත් වෙයි..!

දේශීය හදුන්කූරු නිෂ්පාදකයින් මුහුණපා ඇති ගැටළුවලට විසදුම් ලබාදීමේ අරමුණෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් හදුන්කුරු නිෂ්පාදකයින්ගේ පාර්ශ්වය සහ අදාළ ක්ෂේත්රයට සම්බන්ධ රජයේ ආයතනයන්හි ප්රධානීන් එක් කරගනිමින් විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් අද (02) කර්මාන්ත අමාත්යංශයේදී පැවැත්වීය.

මේ වනවිට ඔවුන් මුහුණ දී ඇති ප්රධානතම ගැටළුව වන්නේ හදුන්කුරු නිෂ්පාදනයට අවශ්ය මූලිකම අමුද්රව්ය වන උණ කූරූ අවශ්යතාව සපුරා ගැනීමට නොහැකි වීම බව මෙම සාකච්ජාවේදී දීර්ඝ වශයෙන් හදුන්කුරු නිෂ්පාදකයින් ඇමතිවරයාට පෙන්වා දෙන ලදී.
එහිදී ඇමතිවරයා විසින් පැමිණ සිටි නිලධාරින් අමතා දේශීය වශයෙන් එම උණ කූරු නිෂ්පාදනයට අවශ්ය උණ වගාකිරීමට ඇති හැකියාව විමසා බලන ලදී. වර්තමාන රජය හදුන්කුරු ආනයනය නතර කිරීම නිසා දේශීය වෙළෙන්දාට හොද වෙළදපොළක් විවෘතව ඇති බවත් එම අවශ්යතාව සපුරාලීමට දේශීය නිෂ්පාදකයාට හැකියාව ඇති නමුත් උණ කූරු නොමැති වීම නිසා එම ව්යාපාර අවදානම් සහගත තත්වයට පත්ව ඇති බවත් නිෂ්පාදකයෝ පේනවා දුන්හ. එහිදී ඇමතිවරයා පැමිණි සිටි නිලධාරීන්ට උපදෙස් දුන්නේ හැකි ඉක්මනින් දේශීය උණ කුරූ ලබා ගැනීමට අවශ්ය උණ වගාවන් සිදුකරන ලෙස ය.
මිට අමතරව උණ ගස් කැපීමට සහ ප්රවාහනයට ඇති බාධාවලට විසදුම් ලබාදුනහොත් එයින් පාරිභෝගිකයා වෙත අඩු මිලට හදුන්කුරු ලබාදීමට හැකියාව පවතින බවත් දේශීය හදුන්කුරු නිෂ්පාදකයෝ පැහැදිලි කළහ. ඒ සදහා ද කාර්මික සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්යාංශය මැදිහත් වන බව අමාත්යවරයා ඔවුන්ට ප්රකාශ කළ අතර සියලුදෙනා ඒ වෙනුවෙන් ඇමතිවරයාට සිය ස්තුතිය පුද කළහ.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, රාජ්ය දැව සංස්ථාව, ජාතික පර්යේෂණ කවුන්සලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වූහ. දේශීය හදුන්කුරු නිෂ්පාදකයෝ නියෝජනය කරමින් තායි සුමේධා ආයතනය, අවුරා ආයතනය, ඇරෝමා ආයතනය, සමිදු ආයතනය, සපුමල් ආයතනය, අනර්වා ආයතනය, ඩොලර් කෝපරේෂන් යන ආයතනවල ප්රධානීහු එක්ව සිටියහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය
2020-10-02
Share
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*