BREAKING NEWS

“නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය පිළිබද සංවාදශීලී සම්මන්ත්‍රණ මාලාවේ දෙවැන්න මතුගමදී

ජාතික නිදහස් පෙරමුණේ’ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචිත “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතිය පිළිබද සංවාදශීලී සම්මන්ත්‍රණ මාලාවේ දෙවැන්න අද (21) සවස මතුගම S & A හෝටලයේදී පැවැත්විණි.

මෙම සංවාදශීලී සම්මන්ත්‍රණය කෘතියේ කතුවර විමල් වීරවංශ සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර යන මහත්වරුන්ගේ දේශන දෙකකින් ද සමන්විත විය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක, එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2023-05-21

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*