BREAKING NEWS

“නව නිපැයුම්කරුවන්ගේ ප්‍රාග්ධන ගැටළුවට පිළියම් යෙදූ හැටි – කර්මාන්ත ඉදිරියට ගෙන යාමට නොහැකිව සිටින පිරිසට සහන සැලසූ හැටි” කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පෙන්වාදෙයි

කර්මාන්ත විෂය භාර අමාත්යවරයා ලෙස තමන් කොරෝනා වසංගතයෙන් දුෂ්කරතාවට පත්ව සිටින ව්යවසායකයන් හා කර්මාන්තකරුවන්ට සහන සැලසීම පිණිස අමාත්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ප්රධාන යෝජනා දෙකට අනුමැතිය ලැබී ඇති බවත් ඒවා ක්රියාත්මක තලයට පැමිණ ඇති බවත් ඒ අනුව මේ වන විට යම් සාධනීය නිෂ්පාදනයක් වෙළඳපොළට ගෙන යාමට හැකියාව ඇති එහෙත් ඊට අවශ්ය ප්රාග්ධනය නොමැතිව ලතවන නව නිපැයුම්කරුවන් වෙනුවෙන් ඇප අරමුදලක් පිහිටුවා ඇති බවත් එසේම දිවයින පුරා සිටින තම ව්යවසායයන් හා කර්මාන්ත ඉදිරියට ගෙන යාමේ දුෂ්කරතාවයෙන් පෙළෙන පිරිසට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් නුදුරේදීම දියත් කිරීමට නියමිත බවත් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පැවසීය.

ඊයේ(25) Zoom තාක්ෂණය ඔස්සේ පැවැති ශ්රී ලංකා කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය(Sri Lanka Chamber of Small and Medium Industries) විසින් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් බලගැන්වීම පිණිස දියත් කරනු ලබන ක්රියාන්විතය ජනගත කිරීමේ උත්සවයට ප්රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක් වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“අපට පෙර ජීවත් වූ පරපුර සමග ගත්තත් අද අප ජීවත් වන්නේ ලෝක පරිමාණ බරපතලම වසංගත අභියෝගයක් පවතින වෙලාවකයි. මේ හේතුවෙන් ලොව පුරාම රටවල ආර්ථිකයන්හි පසුබැස්මක් ඇතිව තිබෙනවා. ජන ජීවිතයේ කඩාවැටීමක් සිදුව තිබෙනවා. මේ සියල්ල අපේ ජීවිතවලට සෘජුව හා වක්රව බලපාන බව පැහැදිලියි. ඒ නිසා අපට අද සිදුව තිබෙනවා, වසංගතයක් තිබෙන තත්ත්වයක් තුළ ජීවත් වෙන්න, ආර්ථික අභියෝග ජයගන්න, ඒ වගේම රටක් ලෙස අපේ කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවා බලගන්වමින් ඉදිරියට යන්න. 2019 දී සිදු වූ ‘සහරාන්ලාගේ’ ත්රස්ත ප්රහාරයත් සමග අපේ රටේ සංචාරක කර්මාන්තය බිඳ වැටීමට පටන් ගත්තා. කොවිඩ් වසංගතයත් සමඟ කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත පවත්වාගෙන යාමේදී අභියෝග රැසකට එම කර්මාන්තකරුවන්ට මුහුණ දීමට සිදු වූවා.

‘ඇප අරමුදල පිහිටුවීම’

මේ නිසා කර්මාන්ත විෂය භාර අමාත්යවරයා ලෙස මම අමාත්ය මණ්ඩලයට ප්රධාන යෝජනා දෙකක් ඉදිරිපත් කළා. එකක් තමයි, වෙළඳපොළ ජයගතහැකි නිෂ්පාදන බිහි කළ හැකි එහෙත් ඒ සඳහා අවශ්ය ප්රාග්ධනය නොමැතිව සිටින කර්මාන්තකරුවන් වෙනුවෙන් (ඔවුනට බැංකුවකින් ණයක් ගැනීමට තිබෙන බාධාව ඇපකරයක් නොමැතිවීම යි) ඇප අරමුදලක්(Guarantee Fund) ඇති කිරීමට යෝජනා කිරීම. එම යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබුවා. එවකට මුදල් අමාත්ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් සිය අයවැය කතාවේදී එම ඇප අරමුදල පිහිටුවනු ලබන බව ප්රකාශ කළා. ඒ අනුව එම ඇප අරමුදල මුදල් අමාත්යාංශය යටතේ දැන් පිහිටුවා තිබෙනවා. යම් සාධනීය නිෂ්පාදනයක් වෙළඳපොළට ගෙනයාමට හැකියාව ඇති එහෙත් ඒ සඳහා අවශ්ය ප්රාග්ධනය සපයා ගැනීමට නොහැකිව ලතවන, බැංකුවක් ඉල්ලන ඇපයක් ලබාදීමට නොහැකි දුෂ්කරතාවට පත්ව සිටින, අපේ නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ ප්රාග්ධන ප්රශ්නය විසඳා ගැනීමට උදව් කිරීමට ඒ මගින් අපට පුළුවන් වී තිබෙනවා.

අමාරුවේ වැටී සිටින පිරිසටත් සහන…

ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා එවකට මුදල් අමාත්ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් අමාත්ය මණ්ඩල පත්රිකාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ මම අමාත්ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළා, ‘නව ව්යවසායකයන්ට ණය ලබාදීමට පමණක් නොවෙයි, මේ වන විට කර්මාන්තයන්හි නියැලී සිටින, වසංගත තත්වය නිසා අමාරුවේ වැටී සිටින පිරිසටත් සහන සැලසිය යුතුයි. ඔවුනට පොඩි සහයෝගයක් ලබාදුන්නත් නැගී සිටීමට පුළුවන්. ඔවුන් වෙනුවෙන් යම් මුදලක් යොදවන්න’ කියා. ඒ අනුව අමාත්ය මණ්ඩලය අපට භාර කළා ඒ සඳහා වැඩපිළිවෙළක් යෝජනා කිරීමට. ඒ අනුව තමයි අපගේ දෙවන ප්රධාන යෝජනාව, ‘කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායයන් මුහුණ පා ඇති දුෂ්කරතා’ යන අමාත්ය මණ්ඩල පත්රිකාව මගින් ඉදිරිපත් කළේ. මීට සති දෙකකට පෙර පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අප ඉදිරිපත් කළ එම යෝජනාවලිය සුළු සංශෝධන සහිතව අනුමත කර තිබෙනවා. එහි අඩංගු සියලු කරුණු තව සතියක පමණ කාලයක් තුළ අපි ප්රසිද්ධියට පත් කිරීමට සූදානම්. එමගින් අපට පුළුවන්කම ලැබෙනවා ප්රාදේශීය මට්ටමින් සිටින වසංගත තත්වය හේතුවෙන් තම ව්යවසායයන්, කර්මාන්ත ඉදිරියට ගෙන යාමේ දුෂ්කරතාවයෙන් සිටින පිරිසට අවශ්ය සහන ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට.

‘EMPOWER’

මම හිතන්නේ ඔබ මෙම බලගැන්වීමේ වැඩසටහනින්(EMPOWER) සිදු කරන්නේ ඒ කිසිවකින් ආවරණය නොවන කලාපයක් ආවරණය කිරීම. වඩා වැදගත් වන්නේ ව්යවසායකයන්ගේ, කර්මාන්තකරුවන්ගේ මානසිකත්වය ගොඩනැගීම. මානසිකත්වය බිඳ වැටුණොත් කවර මූල්ය පරිසරයක් තිබුණත් ඔහුට අභියෝග ජය ගැනීමට හැකි වන්නේ නැහැ. එදා බුදුරජාණන් වහන්සේ සිදු කළෙත් යමකුගේ මනස යහපත් දෙසට පරිවර්තනය කිරීම, හැඩගැස්වීම. යමකුගේ මනස නිසි පැත්තට හැරවීමෙන් ඔහුට ඕනෑම අභියෝගයක් ජය ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී ශ්රී ලංකා කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත මණ්ඩලය ලෙස ඔබ සිදුකරන්නෙත් අපේ මේ බිඳ වැටුණු මානසිකත්වයෙන් යුත් ව්යවසායකයාට, කර්මාන්තකරුවාට ‘ඔබට යළි නැගිටින්න පුළුවන්’ කියන විශ්වාසය ඔවුන් තුළ තිබෙන දුර්වලතා පෙන්වා දෙමින් නැවත බලගැන්වීම. එය ඉතා වැදගත් කාර්යයක්. එම දිරිගැන්වීම මේ මොහොතේ අත්යවශ්ය දෙයක්. මේ මොහොතේ මෙම ක්ෂේත්රයේ පැවැති ‘රික්තකයක්’ පිරවීම තමයි ඔබ මේ සිදු කරන්නේ.

කර්මාන්ත විෂය භාර අමාත්යවරයා ලෙස මම සෑමවිටම ශ්රී ලංකා කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත මණ්ඩලයේ(SLCSMI) ඉල්ලීම්වලට ඇහුම්කන් දී තිබෙනවා. ඔවුන්ගේ ගැටළු විසඳාගැනීමට අවශ්ය සහයෝගය ලබා දී තිබෙනවා. ඉදිරියටත් ඒ සහසම්බන්ධය මැනවින් පැවතේවි. අවසන් වශයෙන් මෙවැනි දුෂ්කර වකවානුවක තමන්ට පැවරුණු භූමිකාව කුමක්දැයි නිවැරදිව වටහාගනිමින් සිදුකරන මෙම සමාජ සත්කාරයට මගේ සුබපැතුම් එක් කරන අතර මෙම ව්යවසායකයන් බලගැන්වීමේ වැඩසටහන 100%ක්ම සාර්ථක වේවා’යි ප්රාර්ථනය කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි”

මෙම අවස්ථාවට Zoom තාක්ෂණය ඔස්සේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ යන මහත්වරුන් විශේෂ ආරාධිතයන් ලෙස එක්ව සිටි අතර සහභාගිවූවන් පිළිගැනීම ශ්රී ලංකා කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත මණ්ඩලයේ සභාපති මහාචාර්ය රොහාන් ද සිල්වා මහතා සිදු කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය.
2021.09.26

#WimalWeerawansa #MinistryofIndustries #madeinsrilanka

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*