BREAKING NEWS

නව නිර්මාණකරුවන්ට පේටන්ට් අයිතිය ලබාගැනීමේදී ඇති වන ප්‍රමාදය සහ ඒ හා බැදුණු ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත්වෙයි…!

කර්මාන්තකරුන්ට සහ නව නිපැයුම්කරුවන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු අතර විශේෂ සාකච්ඡාවක් අද(06) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි. අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව සිදුකෙරුණු මෙම සාකච්ඡාවට කර්මාන්තකරුවෝ සහ ව්‍යවසායකයෝ නියෝජනය කරමින් පිරිසක් ද එක්ව සිටියහ.

කර්මාන්තරුවන් විසින් සිදුකරන නිෂ්පාදන සදහා ලබාගත යුතු තත්ව සහතික වාර්තා ප්‍රමාද වීම සහ ඒ සදහා අධික මුදලක් ගෙවීමට සිදුවීම පිළිබද නිෂ්පාදකයින් මෙහිදී අදහස් දැක්වූ අතර විමල් වීරවංශ ඇමතිවරයාගේ යෝජනාවකට අනුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට එම මුදල කොටස් කිහිපයකින් ගෙවීමට අවස්ථාව ලබාදීමේ හැකියාව පිළිබද සොයා බලන බව බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා පැවසීය.

නව නිර්මාණකරුවන්ට සිය නිර්මාණ සහ නිෂ්පාදන සදහා පේටන්ට් අයිතිය ලබා ගැනීමේදී ඇතිවන ගැටළු පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. දැනට පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට ගතවන කාලය දීර්ඝ වීම විශාල ගැටළුවක් වී ඇති බවත් එය මාසයක් වැනි කෙටි කාලයක් තුළ ලබාදීමේ හැකියාව පිළිබද සොයා බලා කටයුතු කරන ලෙසත් විමල් විරවංශ අමාත්‍යවරයා ඉල්ලා සිටි අතර, බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සහ අදාළ නිලධාරින් හැකි ඉක්මනින් එය ඉටුකර දෙන බවට පොරොන්දු විය.

එමෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පේටන්ට් බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබද අවබෝධ කිරීමට වැඩමුළු සහ ප්‍රදර්ශනයක් පැවැත්වීමට ද යෝජනා විය.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ඒ රංජිත්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන
මහත්වරු ද එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය
2020.02.06

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*