Previous Story
පර්යේෂණ මගින් හඳුනාගත් භූගත ඛනිජ සම්පත් රටේ නිෂ්පාදනය ක්‍රියාවලියට යොදා ගැනීම කඩිනම් කිරීමට තවත් වැදගත් පියවරක්…
Posted On 19 Jan 2021
Comment: 0
පුත්තලම පිහිටි අරුවක්කාලු හුණුගල් නිධියෙහි හුණුගල් ස්ථරය මතුපිට පාෂාණ කොටසේ අන්තර්ගත ඛනිජ වැලි වෙන් කර ගැනීම සඳහා යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් ලංකා ඛනිජ වැලි සංස්ථාව, ලංකා සිමෙන්ති සංස්ථාව, පර්යේෂණ කණ්ඩායම් සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විය.
අරුවක්කාලු හුණුගල් නිධියෙහි හුණුගල් ස්ථරය මතුපිට පාෂාණ කොටසෙහි ඇති ඛනිජ වැලි වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරුනු අතර එම ක්‍රියාවලියේදී මුහුණ දීමට ඇති ගැටලු සහ අභියෝග පිළිබඳව මෙහිදි විශේෂ අවධානය යොමු විය. ව්‍යාපෘතියට අදාළ බිම් කොටස වෙන්කරවා ගැනීම, ප්‍රවාහන ගැටළු, බලපත්‍ර ගැටළු සහ අදාළ ව්‍යාපෘති ස්ථානයට අවශ්‍ය අතිරේක අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිළිබඳව ද සාකච්ජා කෙරෙණි.
සියලු පාර්ශ්වයන් සමග එක්ව ගැටළු වලට පිළියම් ලබා දෙමින්, කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් මඟින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තමන් සූදානම් බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. පරිසර විනාශය ද සිදු නොවන ලෙස දීර්ඝකාලීන සැලසුමකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතු බව ඇමතිවරයා මෙහිදී අවධාරණය කරන ලදි. සියලු පාර්ශ්වයන්ද ඊට සිය එකඟතාවය පළ කලේය.
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/01/139200699_3492123514238777_4893932326766657834_o-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/01/139536190_3492123477572114_6163637206537760829_o-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/01/138778243_3492123450905450_5829347888782966138_o-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/01/139242472_3492123310905464_639129527017434448_o-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/01/138647852_3492123317572130_8036864394440109149_o-570x336.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/01/139046715_3492123270905468_2058806338379132272_o-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/01/138878999_3492123127572149_4774078359825125039_o-570x343.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/01/139082704_3492123140905481_7039217995429727037_o-570x380.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/01/139399233_3492123107572151_9024101212625320854_o-570x324.jpg)
![](https://wimalweerawansa.lk/wp-content/uploads/2021/01/139758181_3492123577572104_536056925003424754_o-570x380.jpg)