BREAKING NEWS

පාකිස්ථාන් “LifeStyle” ප්‍රදර්ශනය දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරාවි – කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය ගරු විමල් වීරවංශ

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය හා එරට ව්‍යාපාරික ප්‍රජාව එක්ව ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන පාකිස්ථාන් “LifeStyle” ප්‍රදර්ශනය, දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන්නක් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 02 වන වරටත් පවත්වනු ලබන “Pakistan LifeStyle Exhibition” හි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී එම ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව එහි ආරාධිත දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ වීරවංශ ඇමතිවරයා මෙසේද සඳහන් කළේය.

“පාකිස්ථානය ශ්‍රී ලංකාවට අභියෝග මතුවන සෑම අවස්ථාවකම සහෝදරයකු සේ සහයෝගයෙන් කටයුතු කළා. ඒ බව මේ මොහොතේ සිහිපත් කරන එක මගේ යුතුකමක්. දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් විදිහට අප රටවල් දෙකෙහි සංස්කෘතීන් අතර වෙනස්කම් වගේම පොදු සමානකම් ද බොහෝ තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය තම රටවල් අතර මිත්‍රත්වය ඉතිහාසය පුරා ශක්තිමත් කරගත්තා විනා එය පළුදු කර ගත්තේ නැහැ. ඒ මිත්‍රත්වය දේශපාලනික, ආර්ථිකමය සහ යුදමය යන සෑම ක්ෂේත්‍රයක් තුළම පැතිර පවතිනවා. එය තවදුරටත් ශක්තිමත් කරනු ලබන මෙම පාකිස්ථානු වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා මා වෙත ඇරයුම් කිරීම වෙනුවෙන් පාකිස්ථානු මහ කොමසාරිස්තුමන් ඇතුළු පාකිස්ථානු සංවිධාන මණ්ඩලයට මාගේ ස්තූතිය පුදකර සිටිනවා.”

මෙම සමාරම්ක අවස්ථාවට ශ්‍රී ලංකාවේ පාකිස්ථාන් මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මොහොමඩ් සාද් කතක් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. මෙම තෙදින වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව පාකිස්ථානු සංස්කෘතික සංදර්ශන හා චිත්‍ර ප්‍රදර්ශන ද ඉහත ස්ථානයේදී පැවැත්වේ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන
කර්මාන්ත හා සැපයුම් කළමණාකරන අමාත්‍යාංශය
2020-01-31

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*