BREAKING NEWS

පාරම්පරික දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තයට ඇමති විමල් යළි පණ දෙයි

අභාවයට යමින් තිබූ පාරම්පරික දියතරිප්පු ඇස්කණ්ණාඩි කර්මාන්තය අභාවයට යෑම වළක්වා එය අනාගත පරම්පරාවට භාරදීම සංකේතවත් කරමින් එම කර්මාන්තයේ නියැලී සිටින පරම්පරාවේ අවසන් පුරුක වන ගුණසෝම නවරත්න මහතාට නව තාක්ෂණයෙන් සපිරි දියතරිප්පු ඇස්කණ්ණාඩි නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකර දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන තිබේ.

මෙම දියතරිප්පු ඇස් කණ්ණාඩි නිෂ්පාදන මධ්‍යස්ථානය අද (01) අමාත්‍යවරයා විසින් විවෘත කරනු ලැබීය. පිළිමතලාව කහඹේ පිහිටි මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව වීරවංශ මහතා මෙසේද සඳහන් කරනු ලැබීය.

” කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව මා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම දියතරිප්පු ඇස් කණ්ණාඩි කර්මාන්තය අභාවයට යමින් ඇති බව දැනගැනීමට ලැබුණා. මෙම කර්මාන්තය අපේ රටේ ඉතිහාසයේ පටන් පැවැති කර්මාන්තයක්. ඇතැම්විට ලොව ඇස් කන්නාඩියේ උපත මෙය විය හැකියි.

මෙම දියතරිප්පු කණ්නාඩි හැදූ පරම්පරාවේ අවසන් පුරුක වන ගුණසෝම නවරත්න මහතා සමඟ ඉහත අවස්ථාවේදී මා සාකච්ඡා කළා. එහිදී මා තීරණය කළා, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා මෙරට ඇස්කණ්නාඩි නිෂ්පාදන කර්මාන්තයේ කීර්තියක් දිනාගෙන ඇති ආයතනයක් වන ‘විෂන් කෙයා’ එකමුතුවෙන් මෙම දියතරිප්පු ඇස් කණ්නාඩි කර්මාන්තයට යළි පණ දී එය අනාගත පරම්පරාවට දායාද කරන්න. ඒ අනුව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ගුණසෝම නවරත්න මහතාට එතෙක් පැවැති කම්හල වෙනුවට මෙම කුඩා කර්මාන්ත ශාලාව ඉදි කර දීම සහ අවශ්‍ය සියලුම තාක්ෂණ ආධාර ලබාදීම සිදුකරනු ලැබුවා.

මෙම කුඩා කර්මාන්තශාලාවේ නිපදවනු ලබන දියතරිප්පු ඇස් කණ්නාඩි අලෙවි කර දීමට විෂන් කෙයා ආයතනය මැදිහත්ව සිටිනවා. ඉදිරියේදී ඔවුන්ගේ ඇස්කණ්නාඩි ප්‍රදර්ශනාගාරවලින් මෙම දියතරිප්පු ඇස් කණ්ණාඩි මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට ලැබේවි.

දැන් ගුණසෝම නවරත්න මහතාගේ පුතා වන රොෂාන් නවරත්න තරුණයා මෙම කර්මාන්තයේ ඉදිරියට කරගෙන යාමට සූදානම්. ඔහු තවත් තරුණයන් කිහිපදෙනෙකු සමග මෙම කුඩා කර්මාන්ත ශාලාවේ අද සිටම වැඩ ආරම්භ කරනු ලබනවා. මෙම කටයුත්තෙන් අපි බලාපොරොත්තු වන වැදගත්ම දේ මෙම පාරම්පරික කර්මාන්තය අභාවයට යෑම වළක්වා එය ඉදිරි පරම්පරාවන් සඳහා ආරක්ෂා කර ප්‍රවර්ධනය කිරීමයි.”

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, විෂන්කෙයා ආයතනයේ අධ්‍යක්ෂ ජනක ෆොන්සේකා යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය
2020.03.01

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*