BREAKING NEWS

අනුරාධපුර උපුල්දෙනිය රජයේ ධාන්‍ය ගබඩාවට එකවර ධාන්‍ය කිලෝ 6000ක් වියලීමේ යන්ත්‍රයක්..!

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දියත් කෙරෙන කෘෂි ව්‍යවසායකයන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර උපුල්දෙනිය රජයේ ධාන්‍ය ගබඩාවට පැය 06 කදී එකවර ධාන්‍ය කිලෝ 6000ක් වියළිය හැකි යන්ත්‍රයක් ලබා දීම අද (02) එම ගබඩා පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙම ධාන්‍ය වියළීමේ යන්ත්‍රය ලබාදීමේ ලබා දීමේ කටයුත්තට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගි විය. මෙම වැඩපිළිවෙළ යටතේ රට පුරා පවතින රජයේ ධාන්‍ය ගබඩා සඳහා ධාන්‍ය වියලීමේ යන්ත්‍ර 2500ක් ලබාදීමට නියමිතය. නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම උපුල්දෙනිය ගබඩාවට ඉහත යන්ත්‍රය ලබාදුන් අතර ඉදිරි මාසය තුළ තවත් යන්ත්‍ර 24 සවි කෙරේ

මෙම ව්‍යාපෘතිය මගින් කෘෂි ව්‍යවසායකයාගේ ආර්ථිකය නගා සිටුවීමට හැකි බවත් ගබඩා පහසුකම් නොමැතිවීමෙන් අස්වනු නෙලාගත් විගස ඒවා අතරමැදියන්ට විකිණීමට සිදුවන තත්ත්වයෙන් ඔවුන්ට මිදීමට හැකිවන බවත් මෙහිදී අදහස් දැක් වූ වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

එසේම නිසි ප්‍රමිතියෙන් යුත් ධාන්‍ය තොග පවත්වාගෙන යෑමට කෘෂි ව්‍යවසායකයන්ට ඉඩකඩ සලසා දීමට ඉදිරිපත් වූ ‘පැක්මෝ ‘ජෙනරල් ට්‍රේඩින්’ පුද්ගලික සමාගමට ස්තූතිය පුද කරන බව ද වීරවංශ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට පැක්මෝ ජෙනරල් ට්‍රේඩින් පුද්ගලික සමාගමේ සභාපති දුලත් විජේතිලක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් උද්දික ප්‍රේමරත්න, ජානිපෙ අනුරාධපුර දිස්ත්‍රික් නායක සාගර අනුරුද්ධ යන මහත්වරු ද එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*