BREAKING NEWS

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට අපේ නියෝජනයක් ලබාදෙන්න… නැතහොත් කරන දේත් විමල් කතානායකට කෙළින්ම කියයි…

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තුළ තමන් ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායම වෙනුවෙන් නියෝජනයක් ලබාදීමට කඩිණමින් කටයුතු කරන ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති, පා.ම. විමල් වීරවංශ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

ඒ අද (08) දින පාර්ලිමේන්තුවේදී පැනයක් යොමු කරමිනි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණ කර සිටියේ තම කණ්ඩායමට අදාළ නියෝජනය ලබාදීම සඳහා කතානායකවරයා විසින් කටයුතු නොකළහොත් සභාව තුළ ඝණපූර්ණය අහිමි වී වරින් වර සීනුව නාද කිරීම සඳහා ඉඩ සැළැස්වීමට තමන් ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායම සූදානම් බවටයි.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*