BREAKING NEWS

පුත්තලමේ මන්ත්‍රීවරයෙක් INSEE සමාගමෙන් සිමෙන්ති කොට්ට 2000 ක් අරන්; එයා කපුටව පිළිගන්න ගුවන් තොටටත් ගියා – පා.ම. විමල් වීරවංශ

ආණ්ඩු පක්ෂයේ, පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු විසින් INSEE සිමෙන්ති සමාගමට බලපෑම් කර, සිමෙන්ති මිටි දෙදහසක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මන්ත්‍රීවරයා විසින් මෙසේ පවසා සිටියේ අද (22) දින පාර්ලිමේන්තුවේදී “2023 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට” එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පවසා සිටියේ අද ඇත්තේ මෙවැනි ආකාරයේ දේශපාලන සංස්කෘතියක් බවයි.

මේ ආකාරයට රට තුළ කර්මාන්ත පවත්වාගෙන යන්නේ කෙසේදැයි ඔහු විසින් පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කර සිටියේය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

 

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*