Previous Story
පෞද්ගලික පාසල් දරුවන්ගෙන් දෙවන වාරයේ සම්පූර්ණ ගාස්තු ඉල්ලීම පිළිබද ප්‍රශ්නයට වහා මැදිහත් වන ලෙස ඉල්ලා ඇමති විමල්ගෙන් අධ්‍යාපන ඇමතිට ලිපියක්…
Posted On 27 May 2020
Comment: 0
ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා,
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය,
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.
2020.05.26
ගරු අමාත්‍යතුමනි,
පෞද්ගලික පාසල්වල දෙවන වාරයේ ගාස්තුව සම්පූර්ණයෙන් අය කිරීම සම්බන්ධවය.
කොවිඩ් – 19 ගෝලීය අර්බුදය හේතුවෙන් මෙරට සමස්ත පාසල් පද්ධතියම වසා දමා තිබුණ ද පෞද්ගලික පාසල් බලධාරීන් අප්‍රේල් මාසයෙන් ඇරඹෙන දෙවන පාසල් වාරය සඳහා නියමිත සම්පූර්ණ පාසල් ගාස්තු ගෙවන ලෙස එම පාසල්හි ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ දෙමාපියන්ට මේ වනවිටත් දන්වා තිබේ.
සමස්ත ලෝකවාසීන්ට මෙන්ම මෙරට ජනතාවට ද ආර්්ථීක දුෂ්කරතා මෙන්ම වෙනත් බොහෝ දුෂ්කරතා මැද දිවි ගෙවීමට සිදුව ඇති මෙවැනි ගෝලීය වසංගත සමයක මෙරට පෞද්ගලික පාසල් බලධාරීන් ගෙන ඇති ඉහත තීරණයෙන් ඒවායේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් බලවත් අපහසුතාවකට පත්ව ඇති බව නොරහසකි. මෙරට අධ්‍යාපනය හා බැඳී ඇති මෙම ප්‍රශ්නයට මැදිහත්ව සාධාරණ පිළියමක් යෙදීමට කටයුතු කරන ලෙස ඔබතුමන් වෙතින් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි,
මෙයට හිතවත්,
විමල් වීරවංශ (පා.ම)
කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
පිටපත්
1. ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා
උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන සහ ජනමාධ්‍ය අමාත්‍ය
2. සියලූ ජනමාධ්‍ය
