Previous Story
බෝදාගම චන්දිම නාහිමියන්ගේ “නූතන ථෙරී අපදාන” කෘතිය එළිදැක්වීමේ අවස්ථාව…
Posted On 03 Feb 2025
Comment: 0
නාගානන්ද ජාත්යන්තර බෞද්ධ අධ්යයන ආයතනයේ උපකුලපති, ශ්රී ලංකා ධර්ම චක්ර ළමා පදනමේ අධ්යක්ෂ, සාහිත්යශූරී පූජ්ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ 68 වන ජන්ම දිනය නිමිති කරගෙන උන්වහන්සේ විසින් රචිත “නූතන ථෙරී අපදාන” කෘතිය සහ “ධර්ම ශාස්ත්ර වීමංසා” ශාස්ත්රීය සංග්රහය එළිදැක්වීම අද (03) පෙරවරුවේ කැළණිය මානෙල්වත්තේ පිහිටි නාගානන්ද ජාත්යන්තර බෞද්ධ අධ්යයන ආයතන ප්රධාන ශ්රවණාගාරයේදී පැවැත්විණි.
මහාවිහාර වංශික ස්යාමෝපාලී මහා නිකායේ මල්වතු අස්ගිරි අනුනායක ස්වාමීන්ද්රයන් වහන්සේලා සහ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ ශ්රී විමල නාහිමිපාණන් වහන්සේ ප්රමුඛ සිය ගණනක් මහාසංඝරත්නයේ ප්රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ගිහි පැවිදි ආරාධිතයින් රැසක් සහභාගී විය.
මෙහිදී කොළඹ විශ්වවිද්යාලයේ සිංහල භාෂා අධ්යයන අංශයේ අංශාධිපති පූජ්යපාද මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි, කැලණිය විශ්වවිද්යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්ර අධ්යයන අංශයේ මහාචාර්ය පූජ්යපාද ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ නාගානන්ද ජාත්යන්තර බෞද්ධ අධ්යයන ආයතනයේ පශ්චාත් උපාධි අධ්යයන පීඨයේ පීඨාධිපති, සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න මහතා විසින් දෙසුම් පවත්වන ලදි.






