BREAKING NEWS

මැණික් කර්මාන්තයේ ඉදිරි ගමනට අඩ තැබූ නීතිමය බාධකය ඉවත් කිරීමට ඇමැති විමල් පියවර ගනියි!

මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට බලපත්ර ලබා ගැනීමට තිබූ නීතිමය බාධකය ඉවත් කිරීමට අදාළව කර්මාන්ත විෂය භාර අමාත්ය විමල් වීරවංශ මහතා විසින් සාදන ලද නියෝගවලට පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති එම අමාත්යාංශ උපදේශක කාරක සභාවේදී එකඟතාව හිමිවිය.

මේ අනුව මැණික් ගැරීමේදී හවුල් ඉඩම් අයිතියක් නොමැති පුද්ගලයන්ට මැණික් ගැරීම සඳහා වූ බදු ඔප්පු මගින් අදාළ බලපත්රය ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. 1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ කර්මාන්ත අමාත්යවරයා විසින් සාදන ලද මෙම නියෝග ගැසට් කරන ලද්දේ 2020 මාර්තු මස 02 වැනි දිනැති අංක 2165/1 සහ 2021 අප්රේල් 01 දිනැති අංක 2221/49 දරන ගැසට් පත්රයන්හි ය.

කර්මාන්ත අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් පැවති මෙම උපදේශක කාරක සභා රැස්වීමට කර්මාන්ත රාජ්ය අමාත්යවරු වන දයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්තේ, ප්රසන්න රණවීර යන මහත්වරු ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
2021.07.13
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*