BREAKING NEWS

“මිනිස්සුන්ගේ රටට, ජාතියට තියෙන ආදරය ජානගත වෙලා තියෙන්නෙ” – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශවීඩියෝ 

මිනිසුන්ගේ රටට, ජාතියට ඇති ආදරය තුරන් වී ඇතැයි කිසිවෙකු නොසිතිය යුතු බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.

එය ජානගතව ඇති බවත්, මේ වන විට එම ජානගතව ඇති දේට නැගිටීමට ඉඩනොදෙන බලවේගවල තාවකාලික ශක්තිමත් වීමක් තිබෙන නමුත්, එය සදාකාලික ශක්තිමත් වීමක් නොවන බවද උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

ඔහු ප්‍රශ්න කර සිටියේ,

“මේ ආර්ථික අර්බුදයට ගොදුරු කරන්නත්, ඒ ගොදුරු කරලා එම අර්බුදයම පාවිච්චි කරලා ස්ථාවර රාජ්‍යය දුර්වල කිරීමක් මේ කරන්නේ. දැන් අමෙරිකන් Top Secret Mission එකක් ආවයි කියලා වෙන කවුද මේ රටට කිව්වෙ? ජවිපෙ කිව්වද? සජබ කිව්වද? වෙන කවුරුවත් කිව්වෙ නෑ. එතකොට ඒ Top Secret Mission එක ආවේ නෑ කියලා කවුරුහරි වෙන කිව්වද අනෙක් පැත්තෙන්? ඒ කරුණු බොරු කිව්වද කවුරුවත්?”

ඒ අන්තර්ජාල නාලිකාවක් සමඟින් පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*