BREAKING NEWS

යුග ගණනක් ජීවත් වන මිනිසුන් ලෝකයේ බිහි වන්නේ ඉතා කලාතුරකිනි. එච් ආර් ජෝතිපාල යනු එවන් මිනිසෙකි…

ජෝතිපාල ගේ හඬට පරම්පරා ගණනාවක, යුග ගණනාවක මිනිසුන් ආදරය කරන බව සත්යකි. නිවසේ ගුවන් විදුලියක් නොමැති නිසා ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට ගොස් ගීත ඇසූ ජෝති පසු කලෙක කූඩා බාල මහළු සියළුදෙනාගෙ සවන් සනසන්නෙක් වූයේ ලාංකීය ගීත ඉතිහාසයට අළුත් පිටුවක් පෙරළමිනි.

ඔහු 1956 දී “සුරතලී” චිත්රපටය සඳහා “සිරියා මේ සාරා” ගීතය ගායනා කරමින් පසුබිම් ගායකයෙක් ලෙස රිදී තිරයට එක් විය.මීට ප්රථම ජෝති “පොඩිපුතා” චිත්රපටය සඳහා ගීතයක් පටිගත කර තිබුණි. නමුත් ඉංදියාණු පිටපත් රචකයා ජෝතිපාලගේ කටහඬ ගැන සෑහීමකට පත් නොවූ බැවින් ජෝතිට ඒ මොහොත අහිමි විය .ජෝති සිය මිතුරන් සමඟ “පොඩි පුතා” චිත්රපටය නැරඹීමට ගියේ තම ගීතය රසවිදීමටය.. එහෙත් ගීතය එහි නොවීය.

පරාජයන් යණු මිනිසෙක්ගෙ ජයග්රහණයේ මූලයයි. ඉතිහාසය අපට එවැණි පාඩම් උගන්වා ඇත.ජෝති ලාංකීය ගීත ක්ෂේත්රය ජය ගන්නා බවට ජීවිතයෙන් තීන්දු කරනු ලැබූ මොහොත එම චිත්රපටයේ තම ගීතය ඇතුළත් නොවූ මොහොත බව ජෝතිගේ ඉතිහාසයේ සටහන් වී ඇත.

අද හැරයන වුන් හෙට අප සොයා එයි….

“සුරතලී” චිත්රපටයේ නිෂ්පාදක ජබීර් ඒ කාදර් ට ජෝතිගේ ගීයක් ඇසීමට පසුව වුවමණා වන්නෙ ඒ අණුවය. ගීතයක් පටිගත කිරීමට ප්රමාණවත් මුදලක් ජෝති සතුව නොවූ ඒ මොහොතේ සංගීතවේදී ස්ටැන්ලි ඕමාර් ඒ මොහොතේ විශාල මුදලක් වූ රු.35 ක් ජෝතිට ලබා දී ඇත.

” සිරියා මේ සාරා ” අපේ සවන් අදටද මුසපත් කරණ හඩ බිහි වූයේ එසේය..

ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග මුහුවණ ජෝතිපාල “සන්දේශය” චිත්රපටයේ සුනිල් ශාන්ත අරිසෙන් අහුබුදු ශූරීන් ලියූ “පෘතුගීරිසිකාරයා” ගීතය ගායනා කරමින් ලාංකීය ගීත වේදිකාව අතික්රමණය කරණු ලැබුවේය. පන්ඩිත් අමර දේව , පී වී නන්දසිරි, ප්රේමසිරි කේමදාස , සරත් දසනායක, මිල්ටන් මල්ලවආරච්චි ජෝති ගේ හඬ නැවුම් කර ගැනීමට උදව් ලබා දුන් මිනිසුන් ය.ජෝති ගායණශිල්පියෙන් මෙන්ව විටෙක රංගන ශිල්පියෙක්ද විය.

හැත්තෑව හා අසූව දශක වල සංගීත ලොවෙහි ජෝතිපාල නොමැතිව සංගීත ප්රසංගයක් හෝ සංගීත ලෝකයක් නොවුණු තරම්ය..

එච් ආර් ජෝතිපාල 1987 ජූලි මස 07 වනදා අපෙන් සදහටම සමුගන්නා ලදී.. අදට හරියටම වසර 33කි..

”අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු….
හෙටත් නගපු දෙන් ඔය කිචිබිචිය සුළු සුළු….
තිගැස්සී සැනින් ඔබ බියවිය යුතුද බියගුළු….
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණළු….”

එච් ආර් ජෝතිපාල.. ඔබේ හඬ කිසි දිනක මියැදෙන්නේ නැත..!

See Less

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*