Previous Story
රටවල් 45 කට අපනයනයන් සිදුකරන 100% ක් දේශීය සමාගමක් වූ කැළණිය තන්ත්‍රි ට්රේලර්ස් (Tantri Trailers) ආයතනය කර්මාන්ත අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට…
Posted On 02 Feb 2021
Comment: 0
දේශීය වෙළදපොළට මෙන්ම අපනයනය කිරීම සදහාත් වාහන ට්රේලර්ස් නිෂ්පාදනය සිදුකරන අංක 117, බියගම, කැළණිය ලිපිනයේ පිහිටි තන්ත්රි ට්රේලර්ස් (Tantri Trailers) ආයතනය අද (02) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
සියයට සියයක්ම දේශීය සමාගමක් වන තන්ත්රි ට්රේලර්ස් (Tantri Trailers) ආයතනය විසින් විවිධ ක්ෂේත්රයන් සදහා යොදාගන්න වාහන බොහොමයකට අවශ්ය ට්රේලර්ස් දේශියව නිෂ්පාදනය කරන අතර ඇමරිකාව, පිලිපීනය ඇතුළු රටවල් 45 කට ඔවුන්ගේ නිෂ්පාදනයන් අපනයනය කරනු ලබයි. ඉන්ධන ප්රවාහන බවුසර, කොන්ක්රීට් මිශ්රණ වාහන, ජල බවුසර්, කන්ටේනර් ට්රේලර්ස්, ගෑස් ප්රවාහන වාහන, සහ කසළ ප්රවාහන වාහන ඇතුළු කාර්මික වාහන සදහා අවශ්ය වන කොටස් බොහොමයක් මෙම ආයතනය විසින් නිෂ්පාදනය කරයි. ඉදිරියේදී දුරකථන කුළුණු සහ දුම්රිය මාර්ග කොටස් ද දේශියව නිපදවීමේ හැකියාව සිය ආයතනය සතු බව ආයතනයේ කළමනාකාරිත්වය කියා සිටියේය. කර්මාන්තශාලා පරිශ්රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කර්මාන්ත අමාත්යවරයා කියා සිටියේ දේශීය නිෂ්පාදකයෙක් සිදුකරන මෙවැනි දැවැන්ත ව්යාපෘතියක් පිළිබද තමන් සතුටු වන අතර ඔවුන්ට ඉදිරියේදී අවශ්ය උපරිම සහයෝගය ලබාදීමට කර්මාන්ත අමාත්යවරයා වශයෙන් තමන් සුදානම් බව ය
මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක,තන්ත්රි ට්රේලර්ස් (Tantri Trailers) ආයතනයේ කළමනාකාරිත්වය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




















