BREAKING NEWS

රණවිරු ස්මාරකය විවෘත කිරීම සහ පුෂ්පෝපහාර දැක්වීම

රණවිරු ස්මාරකය විවෘත කිරීම සහ පුෂ්පෝපහාර දැක්වීම

මීට දස වසරකට පෙර බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරදවා රටට විජයග්‍රහණයක් ලබාදුන් වීරෝදාර රණවිරුවන්ට උපහාර පිණිස රණවිරු ස්මාරකයක් විවෘත කිරීම සහ පුෂ්පෝපහාර දැක්වීම අද (18) දින මහරගම නගර මධ්‍යයේ දී සිදු කෙරිණි.

රණවිරු ස්මාරකය විවෘත කිරීම් සහ පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය ජාතික නිදහස් ත්‍රීරෝද රථ සංගමය විසින් සංවිධානය කොට තිබිණි. මෙම අවස්ථාවට ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේය.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*