BREAKING NEWS

රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ ඉදිකිරීමට සුබ මොහොතින් මුල් ගල තැබෙයි !

රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්යන්තර මැණික් කුළුණ ඉදිකිරීමට සුබ මොහොතින් මුල්ගල තැබීම කර්මාන්ත කැබිනට් අමාත්ය විමල් වීරවංශ මහතාගේ ප්රධානත්වයෙන් අද (15) රත්නපුර දෙමුවාවකදී සිදුකෙරිණ.

මෙම සමාරම්භක උත්සවයට එක්ව සිටි පිරිස පිළිගැනීම මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්ය අමාත්යාංශ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා විසින් සිදු කළ අතර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඇතුළු එම ආයතනයේ සේවක පිරිස උත්සවය සංවිධාන කර තිබිණි.

මෙම අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් සුබ පැතුම් එක් කළ අතර සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව, සෞඛ්ය ඇමතිනි පවිත්රා වන්නිආරච්චි, මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ, රත්නපුර දිස්ත්රික් කර්මාන්ත අමාත්ය සම්බන්ධීකරණ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දීපාල් ගුණසේකර මහතා ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් සහභාගි වී සිටියහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය
2021.01.15
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*