BREAKING NEWS

‘රිෂාඞ් බදුර්දීන්, හිස්බුල්ලා, අසාද් සාලි තනතුරුවලින් ඉවත් කරලා විතරක් මදි නීතිය හමුවට ඉදිරිපත් කරන්න’ – ජානිපෙ නායක විමල් වීරවංශ

‘රිෂාඞ් බදුර්දීන්, හිස්බුල්ලා, අසාද් සාලි තනතුරුවලින් ඉවත් කරලා විතරක් මදි නීතිය හමුවට ඉදිරිපත් කරන්න’
– ජානිපෙ නායක විමල් වීරවංශ

රිෂාඞ් බදුර්දීන්, හිස්බුල්ලා, අසාත් සාලි යන දේශපාලකයන් තනතුරුවලින් ඉවත් කිරීම ප්‍රමාණවත් නොවන බවත් වහාබ්වාදී ත්‍රස්තවාදයට කිරි පෙවූ මේ අය වහාම නීතිය හමුවට ඉදිරිපත් කළ යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අද (03) උදේ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘සාමකාමීව මේ රටේ ජීවත් වීමට කැමති හැම මිනිහාගේම පපුකැවුතුවලින් එන වේදනාව අනුව යමින් තමයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක් අරඹා තිබුණේ. ඒ උපවාසය මගින් උන්වහන්සේ ඉල්ලා සිටියේ, රිෂාඞ් බදුර්දීන්, හිස්බුල්ලා, අසාත් සාලි යන අය තනතුරුවලින් ඉවත් කරන්න කියලයි. ඔවුන් තනතුරුවලින් ඉවත් කරලා විතරක් මදි. ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කළ යුතුයි. වහාබ්වාදී ත්‍රස්තවාදයට කිරි පෙවූ මේ දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

ජාතියේ ගෙල මතට කඩු පහර එල්ල වී ඇති මේ වෙලාවේ ආණ්ඩුව ලත වෙමින් නොසිට මේ ජනතා හඬට ඇහුම්කන් දිය යුතුයි. මේ මොහොතේ අපි සියලු වාද බේද අතහැරලා ජාතියක් ලෙස එකට එකතු වෙලා වහාබ්වාදී ත්‍රස්තවාදයෙන් අපේ මාතෘභූමිය ගලවා ගැනීමට කැපවිය යුතුයි. එක් එක් අයගේ අතීත දේශපාලන භූමිකාවන් පිළිබඳව අපට විවිධ මැන බැලීම් තිබෙන්න පුළුවන්. ඒත් ඒ මැන බැලීම් කෙසේ වුවත් ඒ සියලු වාදබේද අත ඇරලා අපි එකාවන්ව එක්විය යුතුයි.

අපි මේ රටේ සාමකාමී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ‘මේ වහාබ්වාදී ත්‍රස්තවාදයට එරෙහි ඔබගේ විරෝධතාව නගර මට්ටමින් ඉදිරිපත් කරන්න. ආණ්ඩුවට දැනෙන මට්ටමට, ආපසු හැරෙන්න බැරි මට්ටමට, ඒ විරෝධතාව ඉදිරිපත් කිරීමට පෙරට එන්න’ කියා, සකල ලංකාවාසීන්ටම ආරාධනා කරනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2019/06/03

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. Indika K Wijayawardana Reply

    Dear sir, I too like to read & joined with you for coutry’s future.

Leave a Reply

*