BREAKING NEWS

රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තයේ ගැටළු විසදමින් නිෂ්පාදන ප්‍රමිතිගත කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කෙරේ…

කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක කර්මාන්ත ක්ෂේත්ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ 14 වන උපදේශක කමිටුව ලෙස රූපලාවන්ය නිෂ්පාදන කර්මාන්තයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්රය ආශ්රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට ක්ෂේත්රයට අදාළ ආයතන සහ එම ක්ෂේත්රයට අදාළ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් අද (25) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදී පැවැත්විණි.

රූපලාවන්ය ක්ෂේත්රයේ කාලීනව මතුව ඇති ගැටළු විසදීමට සහ ක්ෂේත්රයේ ප්රගතිය වෙනුවෙන් ගතයුතු ක්රියාමාර්ග පිළිබද සාකච්ජා කරමින් රජය ඒ වෙනුවෙන් ගතයුතු ප්රතිපත්තිමය තීන්දු ගැනීමට අවශ්ය වැඩපිළිවෙළ සැකසීම මෙම උපදේශක කමිටු පිහිටුවීමේ අරමුණ බව අමාත්යවරයා කර්මාන්තකරුවන් හමුවේ කියා සිටියේය. රූපලාවන්ය නිෂ්පාදන කර්මාන්තය මුහුණදී ඇති ඇසුරුම්කරණ ගැටළු, ප්රමිති සහතික ලබාගැනීමේ ක්රියාවලියේ ඇති ගැටළු පිළිබ

දව මෙහිදී සාකච්ජා කෙරුණු අතර ඒවා විසදාගැනීම වෙනුවෙන් කර්මාන්ත අමාත්යාංශය වශයෙන් ලබාදිය හැකි සහයෝගය ලබාදීමට සුදානම් බව අමාත්යවරයා ප්රකාශ කළේය.

ආයුර්වේදීය රූපලාවන්ය නිෂ්පාදන සදහා වැඩි වශයෙන් අවස්ථාව ලබාදීම තුළින් මෙරට වෙළදපොළට පමණක් නොව අපනයනය සදහා ද දේශීය ආයුර්වේද රූපලාවන්ය නිෂ්පාදන යොදා ගැනීමේ හැකියාව සහ ඒවාට ජාත්යන්තරයේ ඇති ඉල්ලුම පිලිබදව කර්මාන්තකරුවන් අමාත්යවරයා දැනුවත් කල අතර ඉදිරියේදී ඊට අදාළ අංශ සමග එක්ව දේශීය ආයුර්වේද රූපලාවන්ය නිෂ්පාදන වැඩි වශයෙන් දිරි ගැන්වීමට අවශ්ය පසුබිම සකසන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අපනයනය කරනු ලබන ආයුර්වේදීය රූපලාවන්ය නිෂ්පාදන සදහා ජාත්යන්තරව පිළිගන්නා ප්රමිති සහතිකය ලබාදීමේ වැඩපිළිවෙළ ද කඩිනමින් ක්රියාත්මක කරන ලෙස අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්යංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ඖෂධ නියාමන අධිකාරිය, ශ්රී ලංකා ප්රමිති ආයතනය යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහ රූපලාවන්ය නිෂ්පාදන ක්ෂේත්රයේ කර්මාන්තකරුවෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්ය ඒකකය,
කර්මාන්ත අමාත්යාංශය,
2020-02-25
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*