BREAKING NEWS

රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය වැඩ අරඹයි! ශ්‍රී ලංකා රොබෝ තාක්ෂණ විද්‍යායතනය පිහිටුවයි!

කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ විෂය පථය යටතේ පවතින රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්යස්ථානය මේ වන විට තම ඉදිරි කටයුතු සැලසුම් කර ඇති අතර එහි ප්රථම පියවර ලෙස ශ්රී ලංකාවේ පාසල් හැර ගිය දරුවන්ට රොබෝ තාක්ෂණය හැදෑරීම සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සමඟ එක්ව ‘ශ්රී ලංකා රොබෝ තාක්ෂණ විද්යායතනයක්’ ඇරඹීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම ශ්රී ලංකා රොබෝ තාක්ෂණ විද්යායතනයේ සම්පත්දායකයෝ ලෙස ඌව-වෙල්ලලස්ස විශ්වවිද්යාලය, වෘත්තීය පුහුණු අධිකාරිය, ඔරේන්ජ් ආයතනය හා ඇරිමැක් ආයතනය එක්ව සිටිති.

එසේම පසුගිය ආණ්ඩු සමයේ අසාර්ථක වූ පාසල්වලට රොබෝ තාක්ෂණය හඳුන්වා දීමේ ව්යාපෘතිය, එහි අඩුපාඩු හඳුනා ගනිමින් සාර්ථක ලෙස නියමු පාසල් තුළ දියත් කිරීමට ද රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්යස්ථානය කටයුතු යෙදා ඇත.

කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ක්රියාත්මක කෙරෙන ඉහත කටයුතුවල ප්රගතිය විමසා බැලීමට අද (15) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්යාංශයේ දී පැවැති සාකච්ඡාවේදී ඉහත කරුණු අනාවරණය විය.

මෙම සාකච්ඡාවට වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්යක්ෂ චන්දන විදානපතිරණ, ඔරේන්ජ් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ තුෂාන් කොඩිතුවක්කු ඇතුළු රොබෝ තාක්ෂණ විශේෂඥයෝ පිරිසක් එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*