BREAKING NEWS

ලෝහ ආශ්‍රිත ඇසුරුම් (ටින් සහ කෑන්) නිෂ්පාදන කර්මාන්තයේ කර්මාන්තකරුවන්ගේ සහ ඒ ආශ්‍රිත ආහාර, තීන්ත ඇතුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්ජාවක්…

ලෝහ ආශ්රිත ඇසුරුම් (ටින් සහ කෑන්) නිෂ්පාදන කර්මාන්තයේ කර්මාන්තකරුවන්ගේ සහ ඒ ආශ්රිත ආහාර, තීන්ත ඇතුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්ජාවක් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (06) කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්විණි.

මෙම නිෂ්පාදන කර්මාන්තයේ කර්මාන්තකරුවන් විසින් නිෂ්පාදනය කරනු ලබන ටින් සහ කෑන් සදහා ඇතුළත ආලේප කරණු ලබන වාර්නිෂ්, ලැකර්, කොටින්ග් වර්ග ආනයනයේදී පවතින ගැටළු පිළිබදව මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය. ආනයනය කරනු ලබන එම අමුද්රව්ය හැකි ඉක්මනින් නිෂ්පාදකයින් වෙත ලබාගැනීමට අවශ්ය සහයෝගය ලාබාදෙන ලෙස කර්මාන්තකරුවෝ අමාත්යවරයාගෙන් ඉල්ලා සිටි අතර අමාත්යවරයා කියා සිටියේ කර්මාන්ත අමාත්යාංශය ඒ වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදීමට සුදානම් බවයි. ඒ සමගම හැකි ඉක්මනින් ඒවා දේශියව නිෂ්පාදනයට ඇති හැකියාව සොයා බලන ලෙස අමාත්යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

ටින් මාළු නිෂ්පාදනකයින් සදහා මාසිකව අවශ්යවන ලෝහ ටින් සහ කෑන් ඔවුන්ට ප්රමාණවත් නොවන බැවින් ඔවුන්ගේ නිෂ්පාදනයන් සදහා අවශ්ය ටින් සහ කෑන් වැඩියෙන් නිෂ්පාදනය කර දෙන ලෙස ඉල්ලමින් විසිතුරු මසුන්, මිරිදිය මත්ස්ය හා ඉස්සන් ඇති කිරීම, ධීවරවරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්ය අපනයන රාජ්ය අමාත්ය කංචන විජේසේකර මැතිතුමාගේ උපදෙස් පරිදි එම අමාත්යංශයේ ලේකම්තුමන්ද මෙම සාකච්ජාවට එක්ව සිටියේය. ටින් සහ කෑන් නිෂ්පාදකයෝ කියා සිටියේ හැකි ඉක්මනින් එම අවශ්යතාවයන් සපැරිම සදහා නිෂ්පාදනයන් කිරීමට ඔවුන් සුදානම් බවයි.

මෙම සාකච්ජාවට කර්මාන්ත අමාත්යාශයේ ලේකම් අනුෂ පැල්පිට, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්ය හා ඉස්සන්ඇ ති කිරීම, ධීවර වරාය සංවර්ධන,බහුදින ධීවර කටයුතු හා මත්ස්ය අපනයන රාජ්ය අමාත්යාංශයේ ලේකම් ජයන්ත චන්ද්රසෝම, ටින් සහ කෑන් නිෂ්පාදන කර්මාන්තකරුවෝ සහ ඒ ආශ්රිත ආහාර, තීන්ත ඇතුළු නිෂ්පාදන කර්මාන්තකරුවෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්ය ඒකකය
කර්මාන්ත අමාත්යාංශ්
2021.04.06
About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*