BREAKING NEWS

“පොල් ලෙල්ලට” වටිනාකම් එකතු කර දෙන්න පුළුවන් මැෂින් හදන නව කර්මාන්ත ශාලාව කර්මාන්ත ඇමති විමල් වීරවංශයන්ගේ සුරතින් විවෘත වේ!

පොල්ලෙලි, කුඩා කැබලි සහිත මිශ්රණයක් හා කොහුබත් මිශ්රණයක් බවට පත් කළ හැකි ආනයනික මට්ටමේ මැෂින් දෙකක් වාණිජමය ලෙස නිපදවිය හැකි වාරියපොල ඩයමන්ඩ් ඉංජිනියර්ස් කර්මාන්ත ශාලාව ඊයේ (03) කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ සුරතින් විවෘත විය.

මෙම මැෂින් භාවිතයෙන් සකසන පොල්ලෙලි මිශ්රණ ගෙවතු වගාවට, විසිතුරු මල් වගාවට, හරිතාගාර සඳහා අවශ්ය කාබනික පොහොර නිපදවීමට භාවිතා කළ හැකි අතර ශ්රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව ඇතුළු රටවල් සඳහා අපනයනය කිරීමට ද සැලසුම් කර ඇත.

 

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.
  1. Navod vimukthi Reply

    Good sir very good sir

Leave a Reply

*