BREAKING NEWS

“වතුකර කාන්තාවෝ කොළඹ එන්නේ ප්‍රභූ පැලැන්තියෙන් මැරුම් කන්නද?” පොලිසියේ මියගිය කාන්තාව ගැන විමල් සංවේදී වෙයිවීඩියෝ 

වතුකරයේ අහිංසක කාන්තාවන් කොළඹට පැමිණෙන්නේ ප්‍රභූ පැලැන්තිය අතින් වද හිංසාවන්ට ලක් වීමට හෝ මරණයට පත් වීමට දැයි  ජාතික නිදහස් පෙරමුණේ නායක, පා.ම. විමල් වීරවංශ මහතා විසින් අද (24) දින පාර්ලිමේන්තුවෙන් විමසා සිටියා.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ එම මරණය පිළිබදව රජය විසින් ගන්නා පියවර වහාම හෙළිකරන ලෙසටය.

ඒ, රාජගිරියේ ව්‍යාපාරික නිවසක සේවය කරමින් සිටියදී, පසුගියදා වැලිකඩ පොලිසිය තුළදී අභිරහස් ලෙස මියගිය වතුකරයේ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමින්ය.

අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*