BREAKING NEWS

“වසංගත ඇතුළේ බැට කන ප්‍රමාණය වැඩි වන විට මිනිස් ප්‍රජාවට ස්වාභාවික තෝරාගැනීම්වලට යොමු වීම හැර වෙන යමක් ඉතිරි වන්නේ නැහැ. ඒ නිසා කඩහපොල මෙඩිකෝ ඖෂධීය පානය ජනගත කරන මේ මොහොත එවැනි ඖෂධීය පානයන් ජනගත කිරීමට ඉතිහාසය විසින් ආරාධනා කර තිබෙන මොහොතක්” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

වසංගත ඇතුළේ බැට කන ප්රමාණය වැඩි වන විට මිනිස් ප්රජාවට ස්වාභාවික තෝරාගැනීම්වලට යොමු වීම හැර වෙන යමක් ඉතිරි නොවන බවත් ඒ නිසා කඩහපොල මෙඩිකෝ ඖෂධීය පානය ජනගත කරන මේ මොහොත එවැනි ඖෂධීය පානයන් ජනගත කිරීමට ඉතිහාසය විසින් ආරාධනා කර තිබෙන මොහොතක් බවත් කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ ඉකුත් ඉරිදා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති කඩහපොල මෙඩිකෝ ඖෂධීය පානය ජනගත කිරීමේ උත්සව සභාවේ ප්රධාන ආරාධිතයා ලෙස අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ වීරවංශ අමාත්යවරයා මෙසේද සඳහන් කළේය.

“මේ රටේ දේශීය වෙදකමට අදාළ ඒ දැනුම් පද්ධතිය තුළින් උපදින ශාකමය ඖෂධීය ගුණ තිබෙන මෙම පානය ජනගත කිරීම සඳහා ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම පිළිබඳව කහඩපොළ ආයතනයේ වත්මන් අධිපතිතුමා ඇතුළු පිරිසට අපගේ ගෞරවය සහ ප්රණාමය පුදකර සිටිනවා. මීට පෙර සඳහන් වුණා වගේ ඕනෑම ජාතියක් සතු වඩා වැදගත්, වටිනාම සම්පත වන්නේ එම ජාතියට අනන්ය වූ දැනුම් පද්ධතියයි. ලෝකයේ බොහෝ භාෂා තිබුණාට එම භාෂාවන්ට අනන්ය අක්ෂර මාලා සහිත භාෂා තිබෙන්නේ ඉතාම අඩුවෙන්. ජර්මන්, ඉතාලි, ප්රංශ ආදී භාෂා තිබුණාට ඒ සියල්ලටම අයත් අක්ෂර මාලාව ඉංග්රීසි අක්ෂර මාලාව බව අප කවුරුත් දන්නවා.

‘දැනුම් පද්ධතියක විලිරුදාව’

මේ පුංචි රටේ ඓතිහාසිකව ජීවත් වූ අපේ මුතුන්මිත්තන් මොන තරම් පොහොසත් මිනිස්සු වුණාද කියනවා නම්, තමන්ට ආවේණික අක්ෂර මාලාවකින් යුත් භාෂාවක් නිර්මාණය කිරීමට ඔවුන්ට පුළුවන් වුණා. ඒ භාෂාව උවමනා කරන දැනුම් පද්ධතියක විලිරුදාවක්, ඒ සමාජයට නොතිබුණා නම් එවැනි භාෂාවක් හැදෙන්නේ නැහැ. එදා හිරු නොබසින අධිරාජ්යය නිර්මාණය කළ බ්රිතාන්ය අධිරාජ්යවාදීන් අත්පත් කරගත් රටවල් හැර යන විට වෙන රටවල්වලින් බොහෝ ධන සම්පත් රැගෙන ගිය නමුත් පුස්කොළ පොත් රැගෙන ගිය එකම රට ලංකාවයි. මා දන්නා පරිදි ඉන්දියාවට පවා පුස්කොළ පොත ගියේ මේ රටින්. බ්රිතාන්ය අධිරාජ්යවාදීන් රැගෙන ගිය පුස්කොළ පොත් ලක්ෂ ගණනක් අදත් ඔවුන්ගේ කෞතුකාගාර, පුස්තකාලවල තබාගෙන සිටිනවා, පරිහරණය කරනවා. පුස්කොළ පොතක සටහන් කර ආරක්ෂා කර ගැනීමට තරම් වටිනා, සුවිශාල දැනුම් පද්ධතියක් අපට තිබුණු නිසයි; පුස්කොළ පොත් ලක්ෂ ගණනක් ලියවුණේ.

එම දැනුම් පද්ධතිය බටහිර දැනුම් පද්ධතිය වගේ රසායනාගාරවල පරීක්ෂාකර බලා තීන්දු වූ දැනුම් පද්ධතියක් නොවෙයි. අපේ පැරණි වෙද මහත්තයා දන්නවා අහවල් ගහේ, අහවල් කොළය අරන්, තලලා එහි යුෂ ටික බීවාම අහවල් ලෙඩේට හොඳයි, කියා. ඒ සියුම් දැනුම, අවබෝධය නිකම් ලැබුණු දෙයකුත් නොවෙයි. මට පෙර අදහස් දැක්වූ සිසිර ජයකොඩි සහෝදර රාජ්ය ඇමතිතුමන් කිව්වා, දැනට සොයාගෙන තිබෙන ලෝකයේ ඉපැරණිම රෝහල් පද්ධතිය තිබෙන්නේ අපේ රටේ මිහින්තලාව ආශ්රිතව බව. එතැන දී හමුවූ ශල්යකර්ම උපකරණ කට්ටලය තුළ තිබූ ‘සැත්කම් කතුර’ දැක සොයාගත් පිරිස පවා මවිත වුණා. එහි යට තලය දිගින් අඩුයි. ඊට සමාන කතුරක් තවමත් බටහිර වෛද්යවරුන් ශල්යකර්ම සඳහා භාවිතා කරනවා. ඒ යට තලය කොටකර තිබෙන්නේ ශරීරය අභ්යන්තරය ඡේදනයේදී පැටලුම් සිදුනොවීමටයි.

දේශීය වෛද්ය දැනුමට ආයෙත් අත වනන යුගයක් උදාවී තිබෙනවා

අවාසනාවට අපේ ඒ මහා දැනුම් පද්ධතිය විවිධ සතුරු උපද්රවවලට ගොදුරුවීමේ ප්රතිඵලයක් ලෙස අපට සම්පූර්ණයෙන්ම උරුම වන්නේ නැහැ, වර්තමානය කරා රැගෙන ඒමට ලැබෙන්නේ නැහැ. එම දැනුම සැලකිය යුතු මට්ටමකින් රැක ගන්නේ කඩහපොල ආයතනයේ අධිපතිතුමන්ගේ පියාණන් වැනි ඒ පුස්කොළ පොත් පණ මෙන් රැක ගත්තු, ඒ දැනුම පුස්කොළ පොතකට පමණක් පටු වීමට ඉඩ නොදී මිනිසුන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් යොදාගත් වෙද මහත්වරුන් නිසයි. එහෙම ආරක්ෂා වුණු මේ දේශීය වෛද්ය දැනුමට ආයෙත් අත වනන යුගයක් උදාවී තිබෙනවා. අද බටහිර ලෝකය භාවනාව ගැන, නිර්මාංශ ආහාර ගැන, කාබනික ආහාර පරිභෝජනය ගැන උනන්දු වෙමින් සිටිනවා. හැල්මේ දුවලා, පරිභෝජනය කරලා හදාගත්තු ලෙඩ කන්දරාව දිහා බලලා මානව සංහතියට බල කෙරිලා තිබෙනවා යළි ස්වාභාවික දැනුම් පද්ධතියට පල්ලම් බහින්න. කොවිඩ් වසංගතයේ දී වුවත් බටහිර සමාජය ඊට මුහුණ දුන් ආකාරයට වඩා වෙනස් ආකාරයකට තමයි පෙරදිග සමාජය ඊට මුහුණ දුන්නේ. අපේ අම්මලා දැනගෙන සිටියා උදේට පොල් ගෙඩිය බිඳපුවාම එකේ වතුර ටික බොන්න ඕනේ කියා. අපේ අම්මා දැනගන්න ඉන්න නැතිව ඇති, ලෝකයේ තිබෙන හොඳම ශක්තිජනක පානය ඒකයි කියලා. දැනගෙන හිටියත් නැතත් උදේට පොල් ගෙඩිය බිඳපු ගමන් ඒ වතුර ටික අම්මා බීවා. ඒ නිසා පැදුර පෑගෙන්න විතරයි ඕනේ, කියන හොඳ සඵලතාවක් අපේ අම්මලාට තිබුණා. දරුවෝ 10 -.15 වුණත් හදන අම්මලා ඒ කාලේ හිටියා.

‘ආහාර, ඖෂධ හැටියට යොදා ගත් ජාතියක්’

දැන් මෙතැනදී කියවුණා, අද ලෝකය ආහාර, ඖෂධ හැටියට යොදා ගැනීම ගැනයි සාකච්ඡා වෙන්නේ කියා. ඇත්තෙන්ම අපි ආහාර, ඖෂධ හැටියට භාවිතා කළ ජාතියක්. අපට ලෙඩ හැදුනේ නැත්නම්, හැදුනේ නැත්තේ අපි ඖෂධීය ගුණයෙන් යුත් ආහාර පරිභෝජනය කළ නිසයි. දෙල් කන විට පොල් එකතු කරගත යුතුයි, කියා අපි දන්නවා. යම් ආහාරයක විස නසන දේ කුමක්ද, කියා දන්නවා. ඒ දෙය ආහාරයට එකතු කරගන්නවා. ඒ දැනුම බාධා මැද්දේ හෝ ඉවෙන් වගේ පරපුරෙන් පරපුරට ගලාගෙන ආපු නිසා තමයි අපේ අම්මලා ඉහත කී අන්දමට පොල් වතුර ටික බිව්වෙ. නමුත් දැන් අපේ දරුවෝ පොල් වතුර ටික විසිකරලා ‘මොකක්දෝ කූල් එකක්’ බොනවා. ඇමෙරිකානු සමාජය පවා අද පොල් වතුරවලට පල්ලම් බහිමින් තිබෙන්නේ. යුරෝපය, බටහිර ලෝකයේ සමාජය අද ස්වාභාවික තෝරාගැනීම්වලට යොමු වෙමින් තිබෙන්නේ. එම ප්රවණතාව අද බලවත් ලෙස වැඩෙමින් තිබෙනවා. මේ වසංගතය ඇතුලේ බැට කන ප්රමාණය වැඩි වන විට ඒ අක්මුල් සොයා යෑම හැර වෙන දෙයක් මිනිස් ප්රජාවට ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා මේ කඩහපොල මෙඩිකෝ ඖෂධීය පානය ජනගත කරන මේ වෙලාව එවැනි ඖෂධීය පානයන් ජනගත කිරීමට ඉතිහාසය විසින් ආරාධනා කර ලැබ තිබෙන වෙලාවක් කියලයි, මම විශ්වාස කරන්නේ.

ඓතිහාසික දැනුම් පද්ධතියේ තිබෙන බලවත්කමත් ඒ රටේ ධනය මනින සාධකයක්

අපේ දේශීය වෙදකම ආශ්රිත නිෂ්පාදනවලට පුළුවන් මේ කලබගෑනියට ගොදුරු වෙලා තිබෙන ලෝකය තුළට ගලා යන්න. විශේෂයෙන්ම කඩහපොල ආයතනය අපේ ග්රාමීය පසුබිමක ගොඩනැගුණු ව්යාපාරයක්, තාත්තාගෙන් පසුව දරුවෝ ඒක අරගෙන, නූතන ලෝකයට ගැලපෙන විදියට නව්යකරණය කරමින් ඉදිරියට ගෙන යන ව්යාපාරයක්. ඒ නිසා මේ කර්මාන්තය අපේ රටේ දේශීය දැනුම් පද්ධතියේ අගය ලෝකයට ප්රායෝගිකව බෙදාහරින ආයතනයක් බවට පත් වේවි, කියන විශ්වාසය අපට තිබෙනවා. ඕනෑම රටක ධනවත්කම මනින්න පුළුවන් ආර්ථික විද්යාවේ තියෙන නිර්ණායකවලින් පමණක් නොවෙයි, එම රට සතුව තිබෙන ඓතිහාසික දැනුම් පද්ධතියේ තිබෙන බලවත්කමත් ඒ රටේ ධනය මනින සාධකයක් විය යුතුයි. අපේ රට ඒ අතින් ඉතා පොහොසත් රටක්. අවාසනාවට එම පොහොසත් දැනුමෙන් අපි ප්රයෝජන ගන්නේ ඉතා අඩුවෙන්. මේ කඩහපොල ආයතනයේ අධිපතිතුමන් ඇතුළු පිරිස කරන්නේ මේ පොහොසත් දැනුමට, නූතන ලෝකයට ගැලපෙන විදිහට පණ දෙන එක. එසේ ඔවුන් පණ දෙන්නේ අපේ අතීත පොහොසත් දැනුමේ සාරයට පමණක් නොවෙයි, මේ පින්බිමේ අනාගත ශක්තියටයි. මේ ඖෂධීය පානය, අපේ වෙළඳපොළ පමණක් නොවෙයි අපේ රටින් බැහැර වෙළෙඳපොළ ද අතික්රමණය කරන සාර්ථක ජය පානයක්ම වේවා’යි පතනවා.”

මෙම අවස්ථාවට දේශීය වෙදකම් ප්රවර්ධන, ග්රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්රජා සෞඛ්ය රාජ්ය අමාත්ය නීතිඥ සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර, කර්මාන්ත අමාත්යාංශයේ ලේකම්, විශ්රාමික ජෙනරාල් දයා රත්නායක යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,

මාධ්ය ලේකම්,
කර්මාන්ත අමාත්යාංශය
About the Author

Leave a Reply

*