BREAKING NEWS

විමල්ගේ නායකත්වයෙන් ‘’උද්දික ප්‍රේමරත්න සමඟ අපේ මඟ” අනුරාධපුරේදී අද ඇරඹි වගයි….

‘ජවයට සවිය’ සංවිධානයේ සභාපති ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා තරුණ නායකත්ව හා වෘත්තීය මාර්ගෝපදේශන දිනයක් අද (14) අනුරාධපුර යොවුන් නිකේතන භූමියේදී සංවිධානය කර තිබිණි.

අනුරාධපුර දිස්ත්‍රික් තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට රැකියා කලාපයක්, ව්‍යවසායකත්වයක් කලාපයක්, උසස් අධ්‍යාපන කලාපයක් හා චිත්‍ර ප්‍රදර්ශනයක් ඇතුළත්ව තිබිණි. මෙම වැඩසටහනත් සමගින් උද්දික ප්‍රේමරත්ක මහතාගේ අනුරාධපුර ජනතා මෙහෙවර නිල වශයෙන් සනිටුහන් කෙරිණි.

මෙම වැඩසටහනට ප්‍රධාන ආරාධිත ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගි විය. මෙහිදී රැස්ව සිටි තරුණ තරුණියන් අමතා රජරට විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය සංජීවනී ගිනිගද්දර ,උද්දික ප්‍රේමරත්න, විමල් වීරවංශ යන මහත්ම මහත්මීහු කෙටි දේශන පැවැත්වූහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*