— Main Menu —
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
මුල් පිටුව
ජීව දත්ත
පිය සටහන්
වීඩියෝ සංවාද
BREAKING NEWS
“ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට ඉඩ තබන්නේ නැහැ ! ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ ඉදිකිරීමට සුබ මොහොතින් මුල් ගල තැබෙයි !
“මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ’ යනු මෙරට මැණික් කර්මාන්තකරුවන් ජාත්‍යන්තර තලයට ඔසවා තබනු ලබන, ඔවුන්ගේ අභිවෘද්ධියේ මධ්‍යස්ථානයයි ” – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති සුරතින් විවෘත කෙරේ…
සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP)’ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශාල පෙරළියකට මග පාදන්නක් ! – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ
ඖෂධ නිෂ්පාදන අංශය සදහා කර්මාන්ත අමාත්‍යාංශයේ සහය ලබාදීමට උපදේශන කමිටුවක් පත් කෙරේ…
භූගත ඛනිජ සම්පත් හදුනා ගනිමින් ඒවා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදා ගැනීම කඩිනම් කිරීමට කර්මාන්ත සහ පරිසර අමාත්‍යවරු අතර විශේෂ සාකච්ජාවක්…
සැකසු ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබාදෙමින් එම කර්මාන්ත සදහා සහාය ලබාදීමට උපදේශක කමිටුවක් පත් කෙරේ…
‘මිනිය’ බදාගෙන මේ රට මිනී කනත්තක් කිරීමට දඟලන අසාත් සාලි වැනි අන්තවාදයට උඩගෙඩි දෙන සියලු පිරිස්වලට එරෙහිව නීතිය බලාත්මක කරන්න” – ජානිපෙ නායක, ඇමති විමල් ජනපති ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලයි
ඇසුරුම් ක්ෂේත්රයේ (Packaging) කර්මාන්තරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදෙමින් එම කර්මාන්ත සදහා සහාය ලබාදීමට උපදේශක කමිටුවක්…
විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක ප්‍රධානීන් සහ කර්මාන්ත ඇමති අතර විශේෂ සාකච්ඡාවක්
Posted On
04 Feb 2020
By :
admin
Comment: 0
ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් විශ්වවිද්‍යාල 15ක ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක භාර අධ්‍යක්ෂකවරු සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (03) , 73/1, ගාලු පාර, කොල්ලුපිටිය පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කර තිබිණි.
මෙහිදී එක් එක් විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක විසින් තම විශ්වවිද්‍යාල පර්යේෂකයන් හා නව සැපයුම්කරුවන්ගේ නිෂ්පාදන ඉදිරිපත් කරනු ලැබීය. විශ්වවිද්‍යාල පර්යේෂකයන් විසින් ඉදිරිපත් කර ඇති නව නිෂ්පාදන වාණිජකරණයට ලක් කර ඒවාට දෙස්-විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් තමන් අමාත්‍යවරයා සමඟ මෙම සාකච්ඡාව සිදු කළ බවත් ඒ සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මුල් වී කටයුතු කිරීම අගය කළ යුතු බවත් එම පිරිස පැවසූහ.
මෙම සාකච්ඡාව සඳහා තෙවන පාර්ශ්වයක් ලෙස සතොස, කාගීල්ස්, කීල්ස් හා ලාෆ්ස් වෙළෙඳසැල් ජාල නියෝජනය කරමින් නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් පවසා සිටියේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ වෙනත් විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකකවල නිෂ්පාදන සඳහා ආයෝජනය කළ හැකි ව්‍යවසායක පිරිස්වල සහයෝගය ලබා දීමට කටයුතු කරන බව ය.
එසේම විශ්වවිද්‍යාල ප්‍රජාවගේ ජාතික වශයෙන් වැදගත් වන ඉදිකිරීම් හා තාක්ෂණික නිමැයුම් කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරවීමට තමන් කටයුතු කරන බව ද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, විශ්වවිද්‍යාල ව්‍යාපාර සම්බන්ධීකරණ අධ්‍යක්ෂකවරු වන මහාචාර්ය ඩී.ඒ.අයි. දයාරත්න, මහාචාර්ය මැණික් හෙට්ටිහේවා, මහාචාර්ය රොහාන් වීරසිංහ, ආචාර්ය ඇන්තනී ඇන්ඩෲ, ආචාර්ය එම්.පී.දීගමුල්ල, ආචාර්ය ප්‍රියශානි පෙරේරා, ආචාර්ය ඒ.පී.අයි. සම්පත් ධර්මදාස, ආචාර්ය එස්.වසන්ත රුබා යන පිරිස ද එක්ව සිටියහ
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය.
2020.02.04
About the Author
Previous Story
පාකිස්ථාන් “LifeStyle” ප්‍රදර්ශනය දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරාවි – කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය ගරු විමල් වීරවංශ
Next Story
රාජ්‍යය සහ ජනතාව පොදු ජාතික න්‍යාය පත්රයකට ගෙන ඒමට රොද බඳිමු!
Leave a Reply
Cancel reply
Name
*
Email
*
Website
Save my name, email, and website in this browser for the next time I comment.