BREAKING NEWS

ශ්‍රී ලංකාවට ඊළඟ ‘ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේ’ විශේෂ නියෝජිතයා වීමේ අවස්ථාවක්!

ඊළඟ ‘ශාන්ත පීටර්ස්බර්ග් ජාත්යන්තර ආර්ථික සමුළුවේ’ විශේෂ නියෝජිතයා(Special Guest ) වීමේ අවස්ථාව ශ්රී ලංකාවට හිමිකර දීමට කටයුතු කරන බව රුසියානු රජයේ නියෝජිත, එහි ජාත්යන්තර කටයුතු පිළිබඳ යුරේසියානු මහජන සභාවේ නියෝජ්ය මහලේකම්, රුසියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ස්වාභාවික කළමනාකරණය සහ පරිසර විද්යාව පිළිබඳ කමිටුවේ නියෝජ්ය සභාපති ස්ටැනිස්ලව් කොරොලෙව් මහතා පවසයි.

මේ වන විට රුසියාවේ දී පැවැත්වෙන 24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් ආර්ථික සමුළුවට සහභාගී වී සිටින කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා ඇතුළු ශ්රී ලංකා රජයේ නියෝජිත පිරිස සහ රුසියානු රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී ඒ මහතා මෙසේ පවසා තිබේ.

මෙම අන්තර්ජාතික ආර්ථික සමුළුවේ විශේෂ නියෝජිතයා වීමේ අවස්ථාව ලදහොත් ශ්රී ලංකාව කෙරෙහි රුසියානු මෙන්ම මෙවර සමුළුවට සහභාගි වූ බොහෝ රටවල ආයෝජකයන්ගේ අවධානය යොමු වන බැවින් එය මෙරට කර්මාන්ත හා ආයෝජන ක්ෂේත්රයේ ප්රවර්ධනයට විශාල පිටිවහලක් වනු ඇත.

ශ්රී ලංකාව තුළ ඉදිරියේ දී අරඹනු ලබන කර්මාන්තපුර මෙන්ම දැනට පවත්වාගෙන යන කර්මාන්තපුර ද හරිත සංකල්පය යටතේ පරිසර හිතකාමීව පවත්වාගෙන යෑමට කර්මාන්ත අමාත්යවරයා ලෙස පියවර ගනිමින් සිටින බව මෙහිදී අමාත්ය විමල් වීරවංශ මහතා පෙන්වා දී ඇති අතර ඒ සඳහා අවශ්ය සහයෝගය ලබා දීමට ද මෙම සාකච්ඡාවේදී රුසියානු රජයේ නියෝජිතවරයා එකඟ වී තිබේ.

එසේම ‘ස්පුට්නික් V’ එන්නත ප්රමුඛතා පදනම මත ශ්රී ලංකාව වෙත ලබා දීමට පියවර ගන්නා ලෙස මෙම සාකච්ඡාවේදී රුසියාවේ ශ්රී ලංකා තානාපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා කළ විශේෂ ඉල්ලීම තම රජයේ අවධානයට කඩිනමින් යොමු කරවන බව ද රුසියානු රජයේ නියෝජිත ස්ටැනිස්ලව් කොරොලොව් මහතා පවසා ඇත.

මෙම සාකච්ඡාව සඳහා මුදල් හා රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණ රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල්, කර්මාන්ත අමාත්යාංශයේ අතිරේක ලේකම් රංජිත් විමලසූරිය, කර්මාන්ත අමාත්ය සම්බන්ධීකරණ ලේකම් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද ශ්රී ලංකා රජය වෙනුවෙන් එක්ව සිටියහ.

About the Author
පාසැල් වියේ අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවට හා කලාවට එක සේ දස්කම් පෑ ඔහු කළුතර තිස්ස මහා විද්‍යාලයේ අතිශය දීප්තිමත් සිසුවෙකු විය. එහෙත් ඒ අවධියේ උද්ගතව තිබූ තත්වයන් නිසා ඒ සියල්ල අතහැර සමස්ත සමාජය ම මුහුණ පා සිටි මහා ඛේදවාචකයට එරෙහිව සටන් කරන්නර හේ තීරණය කළේය. වඩා වාසිදායක හා පහසු මං සෙවීම වෙනුවට කෙතරම් දුෂ්කර වුව ද, නිවැරදි මාවත තෝරාගැනීම සැමවිටම ඔහුගේ අභිප්‍රාය විය. ඔහු සැමවිට ම ක්‍රියා කළේ ඒ වෙනුවෙනි. හේ හදවතින් ම දේශප්‍රේමියෙක් වූවේය.

Leave a Reply

*